IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මෙහෙකාර සේවය ඇවිත් ස්වර්ණාභරණ සොරකම් කළ කතක් අත්අඩංගුවට


 
 
ජුඩ් සමන්ත
 
මෙහෙකාර සේවයට පැමිණ එම නිවසේ තිබූ රුපියල් 10,95,000 ක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කර ගෙන ගිය බව කියන කාන්තාවක්ව ආරච්චිකට්ටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව - වැලිපෑලැස්ස ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවකි. 


දරුවන් දෙදෙනකුගේ මවක් වන ඇයගේ ස්වාමිපුරුෂයා ද විදේශ ගතව සිට මෙරටට පැමිණ ඇත්තේ මෑතක බව පොලීසිය කියයි.


ආරච්චිකට්ටුව - නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගේ වයෝවෘද්ධ මව රැකබලා ගැනීම සඳහා මෙම කාන්තාව සේවයට ගෙන ඇත.


තම නිවසේ තිබූ ස්වර්ණාභරණ සියල්ල මංජුසාවක බහා ආරක්ෂාව සඳහා ගෙමිදුලේ වළ දමන්නට ව්‍යාපාරිකයා කටයුතු කර ඇත. 


අවශ්‍යතාවයක් සඳහා තමන් වළ දැමූ ස්වර්ණාභරණ පිළිබඳව පසුගිය 15 වැනි දා ව්‍යාපාරිකයා සොයා බලා තිබේ. වළ දමා තිබූ ස්වර්ණාභරණ මංජුසාව පිටින් අතුරුදන් වී ඇති බව එහිදී අනාවරණය වී ඇත.


ඉන්පසුව සිද්ධිය පැමිණිල්ලක් ලෙස ආරච්චිකට්ටුව පොලීසිය වෙත යොමු වී ඇත.


මේ සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කර ඇති ආරච්චිකට්ටුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මායා රංජන් මහතා මෙහෙකාරකමට සිටි කාන්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


ඇගේ ගනුදෙනු සහ බැංකු ගිණුම් සම්බන්ධයෙන් ද තොරතුරු සොයා බලා ඇත. ඊට අමතරව උපාය දූතයින් යොදා තොරතුරු රැස්කිරීම ද සිදුකරයි.
 



අදහස් (0)

මෙහෙකාර සේවය ඇවිත් ස්වර්ණාභරණ සොරකම් කළ කතක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site