ගලේවෙල සෞඛ්‍ය කාර්යාලයේ යකඩ පෙති නෑ - මව්වරු 800ක් අමාරුවේ ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පෙරස් සල්පේට්(යකඩ පෙති) නැමති ඹෟෂධය මාස කිහිපයක සිට නොමැති වීම නිසා ගර්භනී මව්වරු 800ක් පමණ දැඩි අපහසුතාවයට පත් වි සිටිති. 22 August 2018
පොළට බඩු ගන්න ගිය ව්‍යාපාරිකයාගේ ලක්ෂ 12ක් කොල්ලකාලා ව්‍යාපාරිකයකු සතු රුපියල් ලක්ෂ දොළහක මුදලක් වැලිගමදී අද අලුයම පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. 22 August 2018
මුන්නේෂ්වරම් ගිනි පෑගීම බලන්න විදේශිකයොත් ඇවිත් හලාවත - මුන්නේෂ්වරම් ඊශ්වර දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමේ උත්සවය පෙරදින (21) රාත්‍රීයේදී පැවැත්වුණි. ගිනි පෑගීමේ අවස්ථාව දැක බලා ගැනීම සඳහා විදේශිකයෝ ද පැමිණ සිටියහ. 22 August 2018
ටියුෂන් පන්තියේ ගැටුමකට සිසුන් හතරක් සැකපිට උපකාරක පංතියක් තුලදි පාසල් සිසුවෙකුට අතින් පයින් හා කලාකිරිඤ්ඤයකින් පහරදිමේ සිද්ධියකට සම්බන්ධයෙන් එම උපකාරක පංතියේම සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි. 22 August 2018
මාවනැල්ල අම්බලාවේ පවුල් 134 ක් මධ්‍යම පළාතට ලියාපදිංචි කිරීමේ සැළසුමක් මාවනැල්ල ප්‍රාදේශිය බල සීමාමේ ඇති අම්බලාව අක්කර 100 ග්‍රාමයේ පවුල් 134 ක් මධ්‍යම පළාතට ලියාපදිංචි කර ගැනිමේ කුමන්ත්‍රණයක් මෙ වන විට ක්‍රියාත්මක වි ඇති බව එම කොට්ඨාසශය නියෝජනය කරන මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී මංජුල අධිකාරි මහතා අද (22) පැවසීය. 22 August 2018
වසර 30 ක් ආරක්ෂක අංශ සතුව පැවැති ඉඩම් යළි අයිතිකරුන්ට යාපනය තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කන්කසන්තුරෙයි ප්‍රදේශයේ වසර 30 ක් පුරාවට ආරක්ෂක අංශ සතුව පැවති ඉඩම් අක්කර 4 යි පර්චස් 20 ක ප්‍රමාණයක් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය. 22 August 2018
දේශ සීමා නීති උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 8 අත්අඩංගුවට දේශ සීමා නීති උල්ලංඝනය කරමින් මන්නාරම ශිලා වතුර මුහුදේ ධීවර කටයුතුවල නියැළී සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් අද (21) කල්පිටිය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්යාලයට බාර දී තිබේ. 21 August 2018
මියගිය සොහොයුරාට ගෞරව දැක්වීමට හිටපු ජනපති තංගල්ලට අභාවප්‍රාප්ත වූ චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාගේ දේහය තැන්පත් කර තිබූ තංගල්ල ජයසිරි මල්ශාලාව වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පැමිණ දේහයට ගෞරව දැක්වීය. 21 August 2018
කන්දකැටියේ ගම්මිරිස් ගොවිහු සහතික මිලක් ඉල්ලති රජය විසින් ගම්මිරිස්වලට රුපියල් 900ක සහතික මිලක් නියම කරන බව පැවසුවද මේ වනතුරු එය සිදු නොකල බැවින් ඉදිරියේදී ගොවි ජනතාව සමඟ පාරට බැස රජයට විරුද්ධව දැවන්ත උද්ඝෝෂණයක නිරත වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (21) බදුල්ල කන්දකැටිය වාසනාගමදී පැවසීය. 21 August 2018
උසස් පෙළ සිසුන්ට අමාත්‍යාංශයෙන් මාර්ගෝපදේශ පත්‍රිකාවක් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට විභාගයෙන් අනතුරුව මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් ලබාදීමේ අරමුණින් මාර්ගෝපදේශ පත්‍රිකාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 21 August 2018
නාන කාමරයේ වැටී මියගිය කතගේ සිරුර යළි ගොඩගනී අක්කරපත්තුව පොලිස් බල ප්‍රදේශයේ පාලමුනේ ප්‍රදේශයේ නිවසක කාන්තාවක් නානා කාමරයේ වැටි මියගිය බව පවසා භූමිදානය කර ඇති අතර මියගිය කාන්තාවගේ පුත්‍රයා විසින් කල්මුනේ පොලිසියට කළ පැමිණිල්ලක් අනුව එම මවගේ මෘත දේහය අද (21) ගොඩගනු ලැබීය. 21 August 2018
මධ්‍යම පළාතේ ‘‘ගම් පෙරළිය‘‘ ඇරඹෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් වර්තමාන රජය මගින් දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය කරමින් ආරම්භ කරනු ලබන කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක් වන ‘‘ගම් පෙරළිය‘‘ වැඩසටහන මේ වනවිට දිවයින පුරා ක්‍රියාත්මක වෙමින් පවතී. 21 August 2018
පොලොන්නරුව රෝහලේ හෙද හෙදියෝ විරෝධතාවයක පොළොන්නරුව මහ රෝහලේ හෙද හෙදියෝ පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල්කරගෙන අද (21) පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 21 August 2018
විගණන සේවා කොමිෂන් සභාවේ මුල් පුටු පුරවන්න යයි ජාතික විගණන පනත සම්මත වීමත් සමඟ මෑතදී බලාත්මක වූ විගණන සේවා කොමිෂන් සභාවේ මුල් පුටු කිහිපයක් පිරවීමට එම කොමිසම තීරණය කර ඇත. 21 August 2018
ලිඳුල නගර සභාවේ උප සභාපතිට ඇප ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැටකට අනර්තයක් සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටි තලවකැලේ -ලිඳුල නගර සභාවේ උප සභාපතිවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝධ ජයසේකර මහතා අද (21) නියෝග කළේය. 21 August 2018
ක්‍රීඩා නීති උල්ලංඝණය කරන සංගම් සහ සම්මේලනවලට දැඩි නීතිමය පියවර ක්‍රීඩා පනතේ වගන්ති උල්ලංඝණය වන ආකාරයට කටයුතු කරන ජාතික ක්‍රිඩා සංගම් හා සම්මේලනවලට විරුද්ධව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පළාත් සභා හා පළාත් පාලන ක්‍රිඩා අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තීරණය කර ඇත. 21 August 2018
හබරණ රක්ෂිතයේ ගින්නක් හබරණ රක්ෂිතයේ 7 කණුව දේවාලය ආසන්නයේ ගින්නකින් අක්කර 30 පමණ භූමි ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 21 August 2018
සුව සැරිය 24 වැනි දා සිට ඌවටත් ඉන්දීය රජයේ සහයෝගය ඇතිව දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන 1990 සුව සැරිය ගිලන් රථ සේවාව මෙම මස 24 වැනි දා සිට ඌව පළාත තුළද ක්‍රියාත්මක කෙරෙන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය. 21 August 2018
වන අලි ගලේවෙල පිබිදුණුගම වනසති ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිබිදුණූගම ගම්මානයට කඩා වැදුණු වන අලියකු ගොවීන්ගේ බෝග වගාවන් කා විනාශ කර දමා ඇතැයි ගම්මු කියති. 21 August 2018
ලක්ෂ 25 ක වංචා කළ මාළු ව්‍යාපාරිකයා අත්අඩංගුවට මාළු ව්‍යාපාරික කටයුතු සඳහා තම මිතුරෙකුගෙන් ලබාගත් රුපියල් විසි හයලක්ෂ හැත්තෑ පන් දහසක මුදල ආපසු නොගෙවා අගරු චෙක්පත් ලබාදී විශ්වාසය කඩ කිරිම සම්බන්ධයෙන් එම මාළු ව්‍යාපාරිකයා ගාල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 21 August 2018
කොකේන් සහ මත්පෙති සමඟ සැකකරුවෙකු හීරැස්සගලදී අත්අඩංගුවට මහනුවර ඇසළ පෙරහැර සමයේ විකිණීම සඳහා ගෙන එන ලද කොකේන් මත්ද්‍රව්‍ය හා තවත් මත්පෙති 6ක් සමඟ සැකකරුවෙකු මහනුවර දිසා දූෂණ මර්ධන අංශය අද (20) හීරැස්සගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 20 August 2018
බණ්ඩාරනායකයේ ගුරුවරුන් දෙදෙනා සහ සිසුන් නිදහස් මාධ්‍යවේදියකුට පහර දී කැමරාවට අලාභ හානි කළැයි කියමින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනකුට සහ සිසුන් හය දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය. 20 August 2018
ජපන් නාවික හමුදාවට අයත් නෞකාවක් ත්‍රීකුණාමල වරායට ජපාන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් අද (20) ශ්‍රි ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරායට සේන්දුවිය. 20 August 2018
විදේශීය කාන්තාවක් දුෂණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට විදේශීය කාන්තාවක් දුෂණය කළ බව කියන පුද්ගලයෙකු අද (20) ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ. 20 August 2018
නීති විරෝධී සිද්ධීන් කිහිපයකට සම්බන්ධ 4ක් ගලෙන්බිදුණුවැවදී අත්අඩංගුවට දැව ප්‍රවාහනය කිරීම සහ නීති විරෝධීව මත්පැන් පෙරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 4 දෙනෙකු අද (20) ස්ථාන කිහිපයකදී අත් අඩංගුවට ගත්බව ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. 20 August 2018
කාන්තාවන්ගේ මුදල් පසුම්බි සොරා ගත් දෙදෙනක් අල්ලයි කාන්තාවක් යොදා ගනිමින් මොරටුමුල්ල සතිපොළට පැමිණෙන කාන්තාවන්ගේ මුදල් පසුම්බි සොරාගත් පුද්ගලයකු එම කාන්තාව ද සමඟ මොරටුමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය පවසයි. ඔවුන් පැමිණි මෝටර් රථය o ඔවුන් සන්තකයේ තිබී එලෙස සොරාගත් 34000 ක් ද පොලිසිය සොයාගෙන ඇත. 20 August 2018
ගව ඝාතනයට බලපත්‍ර දීම ගැන පොහොට්ටුවේ මන්ත්‍රී කතා කරද්දී එජාප මන්ත්‍රීවරු සභාවෙන් පිටව යති මුස්ලිම් බැතිමතුන්ගේ හජ් උත්සවය වෙනුවෙන් තාවකාලිකව ගව ඝාතනය සඳහා බලපත්‍ර ලබා දීම ගැන හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී විජිත කුමාර නඳුන්ගේ මහතා කතා කරමින් සිටින අතර තුර එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් පිරිසක් සභාවෙන් පිටත්ව ගියහ. 20 August 2018
මාළු ලොරියක් අත්අඩංගුවට ගත්තැයි තිකුණාමල ධීවරයෝ පාරට බසිති පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලන ලද මාලු තොගයක් ප්‍රවාහනය කිරිමට සුදානම් කෙරෙද්දි පුල්මුඩේ පොලිස් විශේෂ කාර්ය බලකාය එම ලොරිය සමඟ රියදුරු අත්අඩංගුවට ගැනිමට එරෙහිව අද (20) දහවල් ත්‍රිකුණාමලය පොඩවකට්ටු ධිවර කාර්මිකයෝ මාර්ගය හරස් කර විරෝධතාවයක නියැලුණි. 20 August 2018
නැ‘හිර ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ ප්රඥප්තියක් නැගෙනහිර පලාතේ ව්‍යාපාර ලියාපදිංචි කිරිමේදි නිසි ක්‍රම වේදයක් ඇතිකිරිමේ අරමුණෙන් “ව්‍යාපාර නාම ලියාපදිංචි කිරිමේ ප්රඥප්තියක් “සකස්කර ඇතැයි පලාත් ප්‍රධාන ලේකම් ඩි.එම්.සරත් අභයගුණවර්ධන මහතා පැවසීය. 20 August 2018
මුහුදේ ගසාගෙන ගිය දෙදෙනෙක් බේරා ගැනෙති ත්‍රිකුණාමලය , කොටුව මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් සුළගට අසුව දියඹ ට ගසාගෙන ගිය දෙදෙනෙකු බේරා ගැනිමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ නිලධාරිහු අද(20) සමත්වුහ. 20 August 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026