IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාවනැල්ල අම්බලාවේ පවුල් 134 ක් මධ්‍යම පළාතට ලියාපදිංචි කිරීමේ සැළසුමක්

(සමන් විජය බණ්ඩාර)

මාවනැල්ල ප‍්‍රාදේශිය බල සීමාමේ ඇති අම්බලාව අක්කර 100 ග‍්‍රාමයේ පවුල් 134 ක් මධ්‍යම පළාතට ලියාපදිංචි කර ගැනිමේ කුමන්ත‍්‍රණයක් මෙ වන විට ක‍්‍රියාත්මක වි ඇති බව එම කොට්ඨාසශය නියෝජනය කරන මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී මංජුල අධිකාරි මහතා අද (22) පැවසීය.

එහිදි මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසීය.

‘මේක කරන්නේ කාගේ හරි දේශපාලන වාසි තාකා කරන දෙයක්. ජනතාව මේ වැඩෙට කැමැත්තක් නැහැ. නමුත් ඒ අය රවට්ටලා අත්සන් අරන් මෙක කරන්න යනවා . මේ සම්බන්ධයෙන් අපි ජනතාවගේ අත්සන් අරන් තව දුරයත් මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන්ම මෙ කොටසේ පාලනය ගෙන යන්න කියලා ජනාධිපතිතුමාට හා මැතිවරණ කොමසාරිස් වරයාට අපි ලියුමක් අත්සන් කරලා ඔවුන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. 

ඉදිරියේදි මෙ ප‍්‍රශ්නයට නියම විසදුම් ලැබුණේ නැත්නම් ජනතාව මොන මොන විදිහේ තීරණ වලට එළබෙයිද කියලා කියන්න බැහැ. ඒ නිසා මෙක ගැටලූවක් කරගන්නේ නැතිව වෙනත් පටු අරමුණු වලින් මෙ කටයුත්ත සිදු කරන්න එපා කියලා මෙ ගැන සහයෝගය දක්වන අයට අපි කියන්න කැමැතියි.

අප මේ සම්බන්ධයෙන් මාවනැල්ල ප‍්‍රාදේශිය ලේකම් ප‍්‍රියංගනි පෙතන්ගොඩ මහත්මියගෙන් විමසීමක් කළ විට ඇය පැවසුයේ මෙවැන්නකි.

‘මේ වෙන කොට කෑගල්ල සහකාර මැතිවරණ කොමසාරිස්තුමා අපිට ලියුමකින් දන්වලා තිබෙනවා මධ්‍යම පළාතෙන් කරපු මැනුමක් අනුව අම්බලාව අක්කර 100 ජනපදයේ පවුල් 134 ක් පමණ මහනුවර ප‍්‍රදේශයට අයිති වෙනවා කියලා තියෙනවා කියලා. ඒ නිසා ඒ පවුල් වල විස්තර එවන්න කියලා දන්වලා තිබෙනවා.

නමුත් මෙ සඳහා ජනතා විරෝධයක් තියෙනවා. ඒ වාගේම අපිට කියලා මෙ මැනිම් කටයුතු සිදු කරලත් නැහැ. ඒ නිසා මෙ සම්බන්ධයෙන් අපි එතුමා ලිපියක් හරහා දිර්ඝ ලෙස දැනුවත් කිරිමක් සිදු කරන්නයි ඉන්නේ. නමුත් තාම ස්ථීර වශයෙන් ගන්නවා කියලා සඳහනක් නැති බවද සඳහන් කළේය.



අදහස් (0)

මාවනැල්ල අම්බලාවේ පවුල් 134 ක් මධ්‍යම පළාතට ලියාපදිංචි කිරීමේ සැළසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site