(ශාන්ත චන්ද්‍රසිරි)
ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි වැටකට අනර්තයක් සිදු කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර බාරයේ සිටි තලවකැලේ -ලිඳුල නගර සභාවේ උප සභාපතිවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝධ ජයසේකර මහතා අද (21) නියෝග කළේය.
තලවකැලේ, සෙන්ට්ක්ලෙයාර් වත්තේ ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළුවීම හා රුපියල් 20,000 ක් වටිනා කම්බි වැටකට අනර්තයක් සිදු කිරීම සම්බන්ධයෙන් තලවකැලේ- ලිඳුල නගර සභාවේ උප සභාපති ලෙච්චුමන් භාරතිදාසන් මහතා තලවකැලේ පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
ඇප මත මුදා හරින ලද උප සභාපතිවරයාට නැවැත සැප්තැම්බර් මස 18 දින නුවරඑළිය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කෙරිණී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලිඳුල නගර සභාවේ උප සභාපතිට ඇප