සමෘද්ධියට බොරු පත්වීම් දී සල්ලි ගරලා සමෘද්ධි නිලධාරි පත්වීම් දෙකක් ලබාදෙන බවට පවසමින් ව්‍යාජ ලියකියවිලි සකස් කර රුපියල් ලක්ෂ නවයක මුදලක් වංචාකළැයි කියන පුද්ගලයකු සැප්තැම්බර් 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස සමන්තුරේ මහේස්ත්‍රාත් එච්.එම්.එම් පසීල් මහතා නියෝග කළේය. 27 August 2018
සාම සාධක මෙහෙයුම් 8ට හමුදාවේ 328ක් යවලා ලොව පුරා ඇති එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් 08 ක් සඳහා ඉකුත් වසරේදී හමුදා නිලධාරීන් 328 දෙනෙකු සේවයේ යොදවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 27 August 2018
ආහාර විෂ වීමකින් පාසල් දැරියක ඇතුළු සිව් දෙනෙකු රෝහලේ හලාවත මුන්නේස්වරම ජංගම ආහාර රථයකින් ගත් ආහාර වර්ගයක් විෂ වු ගත් පාසල් දැරියක සහ තරුණියන් තිදෙනෙකු එම හලාවත රෝහලට ඇතුළත් කර ඇතිබව හලාවත රෝහල් පොලීසිය පවසයි. 27 August 2018
‘අයිඩීඑච් ඇළ පිරිසිදු කරන්න කටයුතු කළත් ඇළ දෙපස අනවසරෙන් තාප්ප බැදලා’ පුත්තලම නගරයේ ගංවතුර බැස නොයෑමේ ගැටලුවට මුල් වූ අයි. ඩී. එච්. ඇළ පිරිසිදු කර නිසි ක්‍රමවේදයකට සකස් කිරීමට නගර සභාවෙන් කටයුතු කර තිබුණ ද ඇළ දෙපස අනවසරයෙන් බැඳ ඇති තාප්ප බාධාවක් වී ඇතැයි පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස් මහතා පවසයි. 27 August 2018
අත්අඩංගුවට ගත් ධීවරයින් නිදහස් කරන්නැයි මින්නේරියේ උද්ඝෝෂණයක් මින්නේරිය උද්‍යානයේ වනජිවි නිළධාරින්ට පහර දුන්නැයි පවසමින් අත්අඩංගුවට ගත් ධිවරයින් වහා නිදහස් කරන ලෙස ඉල්ලා හබරණ මින්නේරිය ප්‍රධාන මාර්ගය හරස් කරමින් බටුඔය ප්‍රදේශයේ ගම්වාසීහු අද (27) පස්වරුවේ උද්ඝෝෂණයක් ඇරැඹුහ. 27 August 2018
අතුරුදන් වු පුද්ගලයාගේ මළ සිරුර ලොග්ගල්ලා ඔයෙන් හමුවෙයි මීට දින පහකට පමණ පෙර අතුරුදන් වූ බව කියන මීගහකිවුල මීගොල්ල ගම්මානයේ පුද්ගලයකුගේ මළ සිරුර අද (27) දහවල් ලොග්ගල්ලා ඔය මීගොල්ල පාලමට මීටර් පන්සීයක් පමණ දුරින් වූ වතුර වළක පාවෙමින් තිබියදී සොයා ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි. 27 August 2018
අගුණකොළපැලැස්සේ නිධන් හාරමින් සිටි 8 ක් අත්අඩංගුවට අගුණකොළපැලැස්ස ජදුර ප්‍රදේශයේ නිධන් හෑරීමේ නිරතව සිටි යකැදුරු කාන්තාවක ඇතුළු අට දෙනෙකු අද (27) අගුණකොළපැලැස්ස පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 27 August 2018
අපු‘ර නගර සභාවේ මූල්‍ය වංචාවට අත්අඩංගුවට ගත් ආදායම් පාලකවරයාත් 7 දක්වා රිමාන්ඩ් අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක (3879482) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට 27 August 2018
දෙහිවල සත්තු වත්තට විදේශයෙන් සත්තු එක්වෙයි දෙහිවල සතුන් වත්තට ජිරාෆ් දෙදෙනෙකු ඇතුළු විදේශීය සතුන් කිහිපදෙනෙකු මේ වසරේදී අලුතින් එකතුවන බව එහි අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය. 27 August 2018
අන්නාසිගලයායේ ගම්මු උග්‍ර ජල හිඟයක රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම් කොට්ටාසයට අයත් අති දුෂ්කර ගම්මානයක් වන අන්නාසිගලයාය ගම්මානයේ පවුල් 50 ක් පමණ මේ දිනවල උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටිති . 27 August 2018
වගාවන්ගෙන් සියයට හැටක් නාස්ති වෙයි මෙරට වගා කෙරෙන බෝගයන් හි පසු අස්වනු හානියෙන් වාර්ෂිකව රටට රුපියල් මිලියන 18,000 කට අධික මුදලක් අහිමි වන බව මෑතක දී චීන විශේෂඥයින් පිරිසක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත. 27 August 2018
යතුරුපැදියක හැපී කාන්තාවක් මරුට කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ, පාලකුඩාව ප්‍රදේශයේ දී යතුරු පැදියක ගැටීමෙන් 58 හැවිරිදී අවිවාහක කාන්තාවක් අද (27) දහවල් මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 27 August 2018
ඉස්සන් ගොවිපොළක් නිසා සේතාපොළ ධීවරයෝ ගැටළුවක පුත්තලම - දළුව, සේතාපොළ ගම්මානයේ පදිංචි ධීවරයින් කලපුවට පිවිසීම සඳහා වසර ගණනාවක් භාවිත කළ මාර්ගය වසා දමා ඉස්සන් ගොවිපළක් ඉදිකිරීම නිසා, කලපුව තුළ සිදුවන පාරිසරික හානි හේතුවෙන් තම වෘත්තීය කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ධීවරයෝ පවසති. 27 August 2018
සෙට්ටිකුලම් හි වැලි ජාවාරමක් වටලා 5 ක් අත්අඩංගුවට වව්නියාව සේට්ටිකුලම් ප්‍රදේශයේ කලක සිට ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධි මහාපරිමාණ වැලි ජාවාරමක් වටලා සැකකරුවන් පස් දෙනකු අද (27) අත්අඩංගුවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි. 27 August 2018
කටුපොල් වගාවට එරෙහි උද්ඝෝෂණයක් ගාල්ලේ කටුපොල් වගාවට එරෙහිව පරිසර සංවිධාන කිහිපයක් එක්ව සංවිධානය කළ විරෝධතාවයක් අද (27) උදෑසන ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදි පැවැත්විණි. 27 August 2018
මුලතිව් රක්ෂිතයේ මුවකු දඩයම් කළ අයෙක් අත්අඩංගුවට මුලතිව් පුදුකුඩිඉරිප්පු තිම්පුලි රක්ෂිතයේදී මුවෙකු දඩයම් කර මස් පිණිස රැගෙන යමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි. 27 August 2018
‘පළාත් සභා මැතිවරණයට කමිටු පත් කිරීමෙන් වැඩක් නෑ‘ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කමිටු පත් කිරීමෙන් පළක් නැති බවත් පැරණි ක්‍රමයට ගියොත් ඡන්දය මාස දෙක තුනකින් පැවැත්විය හැකි බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු එජාප මන්ත්‍රී මුඡිබර් රහුමාන් මහතා පැවසීය. 26 August 2018
හැඩඔය කුඹුරක හක්ක පටස් කා ඇතින්නියක් මරුට අම්පාර පොතුවිල් පොලිස් බල ප්‍රදේශයේ හැඩඔය ආසන්නයේ කුඹුරු යායකදී හක්ක පටස් කෑමෙන් ඇතින්නියක් මියගොස් ඇති බව පොලිසිය පවසයි. 26 August 2018
දෙහිවල සත්තු වත්තෙන් විසි ලක්ෂයක ආදායමක් දෙහිවල සත්ත්වෝද්‍යානය පෙරේදා (25) සෙනසුරාදා දිනයේ රුපියල් විසි ලක්ෂයකට වැඩි ආදායමක් උපයා ගෙන ඇත. 26 August 2018
ඡායාරූප ශිල්පියාගේ කැමරා ආම්පන්න සොරාගත් උපාධිධාරියා පොලිස් දැලේ හෝමාගම හබරකඩ ප්‍රදේශයේ උත්සව ශාලාවක විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන අතරතුර එම මංගල උත්සවය ඡායාරූප ගත කළ ඡායාරූප ශිල්පියාගේ රුපියල් ලක්ෂ හතරක් පමණ වන කැමරා උපකරණ කිහිපයක් තිබූ බෑගයක් සොරා ගෙන පලා ගිය ව්‍යාපාර කළමණාකරණය පිළිබදව උපාධිධාරී ති‍්‍ර රෝද රථ රියදුරෙකු වන පුද්ගලයෙකු අද (26) දින සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි 26 August 2018
මස්කෙළි ඔය හරහා කම්බි පාලම අබලන් මස්කෙළියේ සිට කැළණි ගඟට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙළිය ඔය හරහා ඉදිකර තිබෙන කම්බි පාලමේ කම්බි දිරා පත් වි ලෑලි ගැලවි , පාලමේ අත්තිවාරමට යොදා ඇති යකඩද දිරාපත් වි ඇති නිසා එම පාලම කඩා වැටිමේ අවදානමක් මතුව තිබේ. 26 August 2018
නොච්චියාගම සැඩ සුළඟින් නිවාස 49 කට හානි නොච්චියාගම ග්‍රාම සේවා වසම් කීපයකට බලපෑ සැඩ සුළඟින් නිවාස 49 කට බරපතල හානි සිදුවී ඇති බව නොච්චියාගම පොලිසිය කියයි. 26 August 2018
රත්තොට මන්දපෝෂණය සහිත මව්වරුන් 68 ක් මන්ද පෝෂණය සහිත මව්වරුන් 68ක් රත්තොට කොට්ඨාසයෙන් වාර්තා වන බව පසුගියදා පැවති රත්තොට ප්‍රාදේශීය පෝෂණ කමිටු රැස්වීමේ දී අනාවරණය විය. 26 August 2018
බංගදෙණියේ ලොරි අනතුරකින් තිදෙනෙක්ට තුවාල හලාවත - ආණමඩුව මාර්ගයේ බංගදෙණිය,වෙහෙරකැලේ ප්‍රදේශයේදී අද (26) අලුයම ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. 26 August 2018
විදේශීකයාගේ මෝටර් රථයට පහර දුන් අයෙක් අත්අඩංගුවට ගාල්ල ඓතිහාසික කොටුව නැරඹීමට පැමිණි විදේශිකයෙකුට අයත් මෝටර් රථයකට පහරදී රුපියල් තුන් ලක්ෂ අනු පන් දහසක අනර්ථයක් සිදු කිරිමට සම්බන්ධ සැකකරු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 26 August 2018
පාළු නිවසක් තුළ හෙදියක් කපා කොටා ඝාතනය කරලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙදියක පාළු නිවසක් තුළ කපා කොටා ඝාතනය කර ඇතැයි වාරියපොල පොලිසිය පවසයි. 26 August 2018
දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මරුට මිතුරන් පිරිසක් සමග ගාල්ල කොටුව ප්රදිපාගාරය අසල අසල මුහුදු තිරයේ දිය නාමින් සිටි පුද්ගලයකු දියේ ගිලිමෙන් අද (25) පස්වරුවේ දි මිය ගොස් ඇත. 25 August 2018
ලොරි රථ අනතුරින් රියැදුරුට බරපතලයි මහියංගන - මහනුවර 18 වංගුව මාර්ගයේ 14 වන වංගුව අසල දී අද (25) සවස ගමන් ගත් ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී කානුවකට වැටීමෙන් බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරා මහියංගන මුලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව හසලක පොලීසිය පවසයි 25 August 2018
තායි ජාතිකයින්ගෙන් මහනුවරදී මඤ්ඤොක්කා දන්සලක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි බැතිමතුන් උදෙසා තායිලන්ත ජාතිකයින් විසින් මඤ්ඤොක්කා දන්සලක් අද (24) සංවිධානය කර තිබුණි. 24 August 2018
මහ වැස්සෙන් පොළොන්නරු රෝහලේ වාට්ටු කිහිපයකුත් යටවේ අද (24) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය සහ වාට්ටු කිහිපයක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 24 August 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026