IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නොච්චියාගම සැඩ සුළඟින් නිවාස 49 කට හානි


 
(දයාරත්න ඇඹෝගම)
 
නොච්චියාගම ග්‍රාම සේවා  වසම් කීපයකට බලපෑ සැඩ සුළඟින් නිවාස 49 කට  බරපතල හානි සිදුවී ඇති බව නොච්චියාගම පොලිසිය කියයි.


පසුගිය 24 වැනි දා පස්වරු 2.30 පමණ ඇතිවූ සුළු වර්ෂාපතනයත් සමඟ හට ගත් මෙම ටොනාඩෝ තත්වය විනාඩි තුනක පමණ කාලයක් පැවතී බව ගම්වැසියෝ පවසති.


නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  කුසුම්පුර  නිවාස 39 ක්  ,තල්ගස් වැව නිවස 3ක් , දුනුදඹු වැව  නිවස 7 ක්  මෙසේ ආපදාවට ලක්වී ඇතැයි නොච්චියාගම   ප්‍රාදේශීය ලේකම් කාර්යාලය  සඳහන් කරයි.

 
මෙම සැඩ සුළඟ හේතුවෙන් ඊයේ (26) වන විටත් එම නිවැසියන් තම නෑ හිතවතුන්ගේ නිවාසවල රැදී සිටියහ. 


වාරිමාර්ග හා ආපදා කළමනාකරණ අමත්‍ය දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් මත  මේවන විට මෙම නිවාසවල අලාභයන් තක්සේරු කිරීමෙන් පසු ඒවා පිළිසකර ගැනීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල මගින්  වන්දි මුදල් ලබා දීම නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් අසංක රත්නායක මහතා විසින් සිදුකර ඇත.


ඒ අනුව රුපියල්  දසදහසකට (10000) අඩු හානි සඳහා සියලු මුදල් ගෙවීමට කටයුතු කර ඇති අතර රුපියල් දසදහසට වැඩි හානි සඳහා රුපියල් දසදහසක (10000) අත්තිකාරම් මුදල් ගෙවීමට  පියවර  ගෙන තිබේ.
 


 



අදහස් (0)

නොච්චියාගම සැඩ සුළඟින් නිවාස 49 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site