IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඡායාරූප ශිල්පියාගේ කැමරා ආම්පන්න සොරාගත් උපාධිධාරියා පොලිස් දැලේ

( කේ බුද්ධික කුමාරසිරි )

හෝමාගම හබරකඩ ප‍්‍රදේශයේ උත්සව ශාලාවක විවාහ මංගල උත්සවයක් පැවැත්වෙන අතරතුර එම මංගල උත්සවය ඡායාරූප ගත කළ ඡායාරූප ශිල්පියාගේ රුපියල් ලක්ෂ හතරක් පමණ වන කැමරා උපකරණ කිහිපයක් තිබූ බෑගයක් සොරා ගෙන පලා ගිය ව්‍යාපාර කළමණාකරණය පිළිබදව උපාධිධාරී ති‍්‍ර රෝද රථ රියදුරෙකු වන පුද්ගලයෙකු  අද (26)  දින සැකපිට අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි

සොරා ගත් කැමරාව තුළ අදාල මංගල උත්සවයෙහි ඡායාරූප ගත කළ මතක ගබඩාවන්(මෙමරි කාඩ්පත) ඇතුළත්ව තිබූ බැවින් මනාල යුවළ  ඔවුන්ගේ ඡායාරූප ඉල්ලි සිටීමෙන්  ඡායාරූප ශිල්පියා දැඩි අපහසුතාවට පත්ව මෙම සොරකම පිළිබඳව පොලීසියට දැන්ම් දී තිබේ.

ඒ අනුව කි‍්‍රයාත්මක වූ අතුරුගිරිය පොලිසියේ නිළදාරීන් අදාල උත්සව ශාලාවෙහි ආරක්ෂිත කැමරා දර්ශන සහ වෙනත් ජංගම දුරකථන මගින් ලබා ගත් විඩියෝ දර්ශන පරීක්ෂා කරමින් සැකකරු හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින අතරතුර කැමරා බෑගය සොරා ගත් පුද්ගලයා විසින් හිමිකරුට ඇමැතුම්  ලබා  දි පවසා ඇත්තේ එම ආම්පන්න ලබා දීමට නම් රුපියල්  ලක්ෂ දෙකක කප්පමක් ලබා දෙන ලෙසයි.
 
එම තොරතුරු අනුව දුරකතන වාර්තා කැඳවා දත්ත අනුව  පොලීසිය එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ නිවසේ තිබී සොරකම් කල කැමරා උපකරණ කට්ටලය ඇතුලත් බෑගය ද සොයා ගැනීමට හැකි වූ බවත් එහි අදාල මංගල උත්සවයෙහි ඡායාරූප ඇතුළත් මෙමරි කාර්ඞ් එක ද තිබී සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි. සැකකරු  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

ඡායාරූප ශිල්පියාගේ කැමරා ආම්පන්න සොරාගත් උපාධිධාරියා පොලිස් දැලේ

sanath Sunday, 26 August 2018 10:24 AM

හොරා උපාධි ගැහුවත් හොරාමයි. රජා උනත් හොරාමයි.

:       0       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site