(රංජිත් රාජපක්ෂ )
මස්කෙළියේ සිට කැළණි ගඟට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙළිය ඔය හරහා ඉදිකර තිබෙන කම්බි පාලමේ කම්බි දිරා පත් වි ලෑලි ගැලවි , පාලමේ අත්තිවාරමට යොදා ඇති යකඩද දිරාපත් වි ඇති නිසා එම පාලම කඩා වැටිමේ අවදානමක් මතුව තිබේ.
අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨශයට අයත් ගිනිගත්හේන හිටිගේගම, ගල්ගොඩහින්න ගම්මාන ඇතුළු තවත් ගම්මාන රැසකට පිවිසිමට ඇති කෙටිම මාර්ගය පිහිටා ඇත්තේ මෙම කම්බි පාලමයි.
1955 වසරේදි ඉදිකරන ලද මෙම කම්බි පාලම දිගින් අඩි 275 කින් සහ උසින් අඩි 22 කින් යුක්ත වේ.
වසර 15 කින් පමණ එම පාලම ප්‍රතිසංස්කරණය නොකිරිම හේතුවෙන් එම පාලමේ ආත්තිවාරමට යොදා ඇති යකඩ කුළුණු පාලමේ ආරක්ෂිත කම්බි සහ එම පාලමේ ගමන් කිරිමට යොදා ඇති ලැලි දිරා ඇති බව ප්‍රදේශවාසිහු කියති.
කම්බි පාලම අබලන් තත්ත්වයේ පැවතිම නිසා එම පාලම හරහා ගමන් ගත් පාසල් ළමුන් සහ ප්‍රදේශවාසින් කිහිපදෙනෙකු පාලමේ සිට මස්කෙළි ඔයට වැටි තුවාල ලබා ඇති බවද ප්‍රදේශවාසින්හු කියති.
හිටිගේගම , මොරතොටියා වත්ත , කෙසෙල්අරාව , මගුරු මාදෙණිය ,ඇතුළු ගම්මාන රැසකට පිවිසිමට ඇති කෙටිම එකම මාර්ගයද වන්නේ මෙයයි.
එම කම්බි පාලම වෙනුවට යකඩ පාලමක් හෝ කොන්ක්‍රිට් පාලමක් ඉදිකර දෙන බවට අදාල බලධාරින් අවස්තා කිහිපයකදි පොරොන්දු වි ඇතත් එම පොරොන්දුව මෙතෙක් බලධාරින් ඉටු කර නොමැති බවද ගම්වාසිහු කියා සිටිති.
අවස්ථා කිහිපයකදි ගම්වාසින් සහ තරුණයින් එක්ව තම ශ්‍රමය සහ මුල්‍ය දායකත්වය යොදවමින් මෙම පාලම ප්‍රතිසංස්කරණය කළ බවත්, මෙවර මෙම පාලම ප්‍රතිසංස්කරණ කිරිමට ගම්වාසින් විසින් අඹගමුව ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් අවසරය ඉල්ලා ඇතත්, එම අවසරය මෙතෙක් ප්‍රාදේශිය ලේකම්වරයා ලබා දි නොමැති බවත් ගම්වාසිහු පවසති.







2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මස්කෙළි ඔය හරහා කම්බි පාලම අබලන්