IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රත්තොට මන්දපෝෂණය සහිත මව්වරුන් 68 ක්


(මහේෂ් කිර්තිරත්න) 
 
මන්ද පෝෂණය සහිත මව්වරුන් 68ක් රත්තොට කොට්ඨාසයෙන්  වාර්තා වන බව පසුගියදා පැවති රත්තොට ප්‍රාදේශීය පෝෂණ කමිටු රැස්වීමේ දී අනාවරණය විය.


රත්තොට ප්‍රාදේශීය පෝෂණ මෙහෙයුම් කමිටු රැස්වීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.


ග්‍රාමීය පෝෂණ කමිටුවල ප්‍රගතිය විමසා බැලීම සිදු වු අතර ග්‍රාමිය පෝෂණ කමිටු රැස්වීම මෙන්ම වාර්තා සිදුකිරීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව මෙහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම්  දිනප්‍රිය හේරත් මහතා පැවසීය.


වසම් මට්ටමින් පෝෂණ ගැටළු හේතුවෙන් ප්‍රශ්නවලට මුහුණ පා ඇති පවුල් සඳහා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව ද මෙහිදි දැනුවත් කෙරුණු අතර  එසේම කෘෂ වීම, මිටි වීම හා අඩු බර සහිත දරුවන් පිළිබඳව විස්තර ද කමිටුව වෙත ඉදිරිපත් වු අතර  වසම් මට්ටමින් සිදුකළ පෝෂණ ගැටළු ඇති දරුවන් සඳහා ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳව මෙහිදි අවධානය යොමු වු අතර දිළිදු පවුල් සඳහා ක්‍රියාත්මක ස්වයං රැකියා වැඩසටහන් පිළිබඳව ද මෙහිදී  නිලධාරින් දැනුවත් කෙරිණි.


තව ද ග්‍රාමිය කමිටු විසින් හඳුනාගත් ගැටළු සාකච්ඡා කිරීම, එසේ හඳුනාගත් පවුල් සඳහා සිදුකළ මැදිහත්වීම මෙන්ම කොට්ඨාසයේ පෝෂණ ඌණතා අවමකර ගැනීම සඳහා ඉදිරි සැලසුම් සාකච්ඡා කිරීම ද මෙහිදි සිදුවිය.


පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී සහයක කණ්ඩායම්වල සහය ලබා ගන්නා ලෙස ද වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතා පැවසීය.


පාසල් සිසුන්ගේ 1 වසරේ සිට 7 වසර දක්වා පෝෂණය ඉහළ නැංවීම, 8 වසරේ සිට 13 වසර දක්වා දරුවන්ගේ පෝෂණය හා මානසික සෞඛ්‍ය ඉහළ නැංවීම,පෙර පාසල් දරුවන්ගේ දෙමාපියන් සඳහා පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම,එසේම වැඩිහිටි පෝෂණය ඉහළ නැංවීම සඳහා දේශීය ආහාරපාන භාවිතය,වතුකරයේ ජනතාවගේ පෝෂණය ඉහළ නැංවීමේ වැඩසටහන් මෙන්ම බෝ නොවන රෝග සඳහා උපදෙස් ලබාදීමේ වැඩසටහන් ද ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත සිදුකරන බවද මෙහිදි කමිටුව හමුවේ අනාවරණය විය.



අදහස් (0)

රත්තොට මන්දපෝෂණය සහිත මව්වරුන් 68 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site