(සුජිත් හේවාජූලිගේ)
දෙහිවල සතුන් වත්තට ජිරාෆ් දෙදෙනෙකු ඇතුළු විදේශීය සතුන් කිහිපදෙනෙකු මේ වසරේදී අලුතින් එකතුවන බව එහි අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.
දෙහිවල සත්වෝද්‍යානයට මේ වසරේදී අලුතින් එකතුවන සතුන් පිරිසට චීටාවන් දෙදෙනෙකු ද නිල්ගයි ඇන්ටිලොප් සිව් දෙනෙකු හා බ්ලැක්බත් මුවන් සිව් දෙනෙකු ද ඇතුළත් වී ඇතැයි අධ්‍යක්ෂකවරිය පැවසුවාය.
සතුන් වත්තට ජිරාෆ් දෙදෙනා ලැබෙන්නේ ජපානයෙනි. ඒ දෙදෙනා ම පිරිමි සත්තු ය.
මේ අතර දෙහිවල සතුන්වත්තට පිවිසුම් ගෘහයක් ද ළමා ක්‍රීඩාංගනයක් ද අලුතින් ඉදිකෙරෙන බව මල්ලිකා මල්සිංහ මහත්මිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd