IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


අපු‘ර නගර සභාවේ මූල්‍ය වංචාවට අත්අඩංගුවට ගත් ආදායම් පාලකවරයාත් 7 දක්වා රිමාන්ඩ්

(උපාලි ආනන්ද)


අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක (3879482) මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට  අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අනුරාධපුර මහ නගර සභාවේ ආදායම් පාලකවරයාද සැප්තැම්බර් මස 7  වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා  නියෝග  කළේය. 


මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුයේ  මූල්‍ය වංචාව සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ්  කර සිටින ප‍්‍රධාන සැකකාරියගේ සැමියා වන ඞී ඒ ආර් සම්පත් අනුරාධ කුමාරසිංහ නැමැති අනුරාධපුර මහ නගර සභාවේ  ආදයම් පාලකවරයායි.


 වැඩිදුර වාර්තාවක් මගින් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය සදහන් කලේ මෙම මූල්‍ය වංචාවේ ප‍්‍රධාන සැකකාරිය වන වැටුප් විෂය බාර නිලධාරිනි ඒ  ඩබ් ශාලිකා එරන්දි අමරසිංහ නැමැත්තිය විසින් අනුරාධපුර මහ නගර සභාවට අයත් රුපියල් ලක්ෂ හැත්තෑ දෙකක පමණ මුදලක් ඇගේ සැමියා වන අනුරාධපර මහ නගර සභාවේ ආදායම් පාලක සම්පත් අනුරාධ නැමැත්තාගේ නමින් ඇති බැංකු ගිණුම් කිහිපයකට බැර කර ඇති බවයි.


සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන් නැති බවද අධිකරණයට කියා සිටි රහස් පොලිසිය මෙම සැකකරුද රිමාන්ඩ් කරන ලෙසද අධිකරණයෙන්  අයැද සිටියේය සැකකාර ආදායම් පාලකවරයා   ඕනෑම ඇප කොන්දේසියක් මත ඇප මත මුදා හරින්නැයි ඉල්ලමින් නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා දීර්ඝව අධිකරණයට කළ   කරුණු  දැක්වීම් සැළකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා නීතිඥ විජේරත්න මහතාට දැනුම් දුන්නේ සැකකරුට ඇප ලබා  දෙන්නේද? නැද්ද? යන්න නියෝගය සැප්තැම්බර් මස 7 වන දින ප‍්‍රකශයට පත් කරන බවයි.



අදහස් (0)

අපු‘ර නගර සභාවේ මූල්‍ය වංචාවට අත්අඩංගුවට ගත් ආදායම් පාලකවරයාත් 7 දක්වා රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31754 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14212 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11141 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 211 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1145 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site