ජුඩ් සමන්ත
හලාවත - ආණමඩුව මාර්ගයේ බංගදෙණිය,වෙහෙරකැලේ ප්‍රදේශයේදී අද (26) අලුයම ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
ආණමඩුව දෙස සිට හලාවත දෙසට ගව මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් සහ ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරමින් තිබූ තවත් ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
අනතුරින් ගව මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ රිය සහායකවරයා සහ අනෙක් ලොරියේ ගමන් කරමින් සිටි අඹුසැමි යුවළක් තුවාල ලබා ඇත. ගව මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ රියදුරු අනතුරින් පසුව පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
ගව මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය අනතුරින් පසුව පිටුපසට විසිවී ගොස් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී නැවතී ඇත. එම ලොරියේ ගවයින් 5 දෙනෙකුගේ මස් තිබී සොයා ගෙන තිබේ. එම මස් ප්‍රවාහනය කිරීම සදහා ලොරියට බලපත්‍ර තිබුනේ යන්න සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමුවී ඇත.
ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති අයගෙන් ගව මස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියේ රිය සහායකවරයාගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd