තිළිණි ද සිල්වා
ලොව පුරා ඇති එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් 08 ක් සඳහා ඉකුත් වසරේදී හමුදා නිලධාරීන් 328 දෙනෙකු සේවයේ යොදවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉකුත් වසරේ ජනවාරි මාසයේ 01 වැනිදා සිට සැප්තැම්බර් මස දක්වා කාලය තුළ මෙම හමුදා නිලධාරින් මෙම සාම සාධක මෙහෙයුම් සඳහා ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් 2017 වසර සඳහා නිකුත් කළ කාර්යසාධන වාර්තාවේ දක්වා ඇත.
තවද අප්‍රිකා මහාද්වීපයේ පවතින එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් 02 ක, පොලිස් නිලධාරීන් 32 කු ද සේවයේ යොදවා තිබෙන බවද එම අමාත්‍යාංශ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මීට අමතරව නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මෙරට හමුදා නිලධාරිහු දෙදෙනෙක් සේවය කරමින් සිටින බවත් එහි සඳහන් කර ඇත.
දශක කිහිපයක් පුරා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතුවලට දායකත්වයක් ලබාදී තිබෙන අතර මෙලෙස ආරක්ෂක අංශ වල නිලධාරීන් සේවයේ යෙදවීම මගින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනුවෙන් ඇති කැපවීම තහවුරු කරන්නක් යැයිද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාම සාධක මෙහෙයුම් 8ට හමුදාවේ 328ක් යවලා