(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාන්තාවක් යොදා ගනිමින් මොරටුමුල්ල සතිපොළට පැමිණෙන කාන්තාවන්ගේ මුදල් පසුම්බි සොරාගත් පුද්ගලයකු එම කාන්තාව ද සමඟ මොරටුමුල්ලේ දී අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය පවසයි.
ඔවුන් පැමිණි මෝටර් රථය o ඔවුන් සන්තකයේ තිබී එලෙස සොරාගත් 34000 ක් ද පොලිසිය සොයාගෙන ඇත.
සතිපොළට පැමිණි අවස්ථාවේ තම ගමන් මල්ල තුළ තිබූ රුපියල් විසි දෙදහසක් සහ රුපියල් පන්දහසක් අඩංගුව මුදල් පසුම්බි දෙක සොරාගෙන ඇති බව මොරටුව ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු ඉකුත් 12 වැනි දින මොරටුමුල්ල පොලිසියට පැමිණිලි කර තිබිණි.
එලෙස මුදල් පසුම්බි සොරාගෙන තිබුණේ තම අත් බෑගය හා භාණ්ඩ ගෙන යාම සඳහා රැගෙන ආ බෑගය කපා බවට එම පැමිණිලිවල වැඩිදුරටත් සඳහන් වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd