IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බණ්ඩාරනායකයේ ගුරුවරුන් දෙදෙනා සහ සිසුන් නිදහස්

(තරිඳු ජයවර්ධන)
 
මාධ්‍යවේදියකුට පහර දී කැමරාවට අලාභ හානි කළැයි කියමින් ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගුරුවරුන් දෙදෙනකුට සහ සිසුන් හය දෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවකින් සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (20) නියෝග කළේය.

 
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයාට එරෙහිව 2014 මාර්තු මාසයේ ඇතිවූ සිසු විරෝධතාවයක් වාර්තා කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදියකුට පහර දී කැමරාවට අලාභ හානි කළැයි කියමින් ගම්පහ මූලස්ථාන පොලිසිය මෙම නඩුව පවරා තිබිණි.

 
මෙම සිදුවීම ඒ දිනවල දැඩි කතාබහකට ලක් වූ අතර පොලිසිය නියම සැකකරුවන් සිටියදී බලපෑම් මත මෙම පිරිසට නඩු දැමූ බව විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් කියැවිණි. සැකකරුවන් අත්අඩංගුවට ගත් බවට එක් පොලිස් පරීක්ෂකවරයකු අත්සන් තබා ඇතිබවත්, සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ තමන් බව තවත් පොලිස් පරීක්ෂකවරයකු පැවසූ බවත් නඩුවේදී කියැවිණි. 

 
කෙසේ වෙතත් වසර හතරකට ආසන්න කාලයක් පැවැති නඩු විභාගයෙන් පසු ගුරුවරුන් දෙදෙනා ඇතුළු සියලු සැකකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණය නියෝග කළේය.

 

මෙම සිදුවීමෙන් පසු ගුරුවරුන් දෙදෙනා වෙනත් පාසල්වලට මාරු කළ අතර එක් ගුරුවරයකු රාජ්‍ය සේවා කොමිසමේ නියෝගයෙන් යළි එම පාසලටම මාරු කරනු ලැබීය. අනිත් ගුරුවරයාගේ පෙත්සම මේ වන විටත් විභාග වෙමින් පවතී.
 
තීන්දුව ලැබෙන විට සිසුන් පිරිස පාසල් අධ්‍යාපනය නිම කර තිබේ.



අදහස් (0)

බණ්ඩාරනායකයේ ගුරුවරුන් දෙදෙනා සහ සිසුන් නිදහස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site