නිශාන්ත කුමාර
ඉන්දීය රජයේ සහයෝගය ඇතිව දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන 1990 සුව සැරිය ගිලන් රථ සේවාව මෙම මස 24 වැනි දා සිට ඌව පළාත තුළද ක්‍රියාත්මක කෙරෙන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
සුව සැරිය ගිලන්රථ සේවාව ඌව පළාත තුළ ක්‍රියාත්මක කිරීම සඳහා පළාතේ පොලිස්ථාන 26 ක් සඳහා ගිලන්රථ 26 ක් මේ වන විටත් වෙන්කර ඇති අතර එම ගිලන්රථ බෙදා දීමේ නිල උත්සවය මෙම 24 වැනි දා පස්වරු 4.00 ට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතාගේ සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හාලි-ඇල විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමක් මත ඌව පළාත තුළ මෙම සුව සැරිය ගිලන්රථ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ගිලන් රථ බෙදී දීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd