චාපා මධුභාෂිණී
හබරණ රක්ෂිතයේ 7 කණුව දේවාලය ආසන්නයේ ගින්නකින් අක්කර 30 පමණ භූමි ප්‍රමාණයක් ගිනි ගෙන විනාශ වී ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
ගිනිතැබීම සිදු කලේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නැති අතර මේ දිනවල මෙම ප්‍රදේශයේ පවතින වියළී කාළගුණික තත්ත්වය සහ තද සුළඟ හේතුවෙන් පැය පහකට වැඩි කාලයක් ගින්න පැතිර ගිය බව පොලිසිය කියයි.
ගින්න මැඩපැවැත්වීම සඳහා මින්නේරිය ජාතික වනෝද්‍යාන නිළධාරීන්, හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්, මින්නේරිය වනරක්ෂණ නිළධාරීන්, මින්නේරිය පොලිසිය,පොලොන්නරුව නගර සභා ගිනි නිවීම් ඒකකයේ නිළධාරීහූ ද එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd