(අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය , කොටුව මුහුදු තීරයේ දිය නාමින් සිටි පිරිසක් සුළගට අසුව දියඹ ට ගසාගෙන ගිය දෙදෙනෙකු බේරා ගැනිමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජිවිතාරක්ෂක ඒකකයේ නිලධාරිහු අද(20) සමත්වුහ.
සුළං පිරවු ටියුබයක් ආධාරයෙන් දිය නාමින් සිටි පාසල් සිසුවියක් ටියුබයේ සුළං යෑම නිසා දියවැලකට අසුවි ගසාගෙන යද්දි ඇගේ බාප්පා දියණියව බේරාගැනිමට යෑමේදි ඔහුද දිය වැලකට අසු වෙද්දි පොලිස් ජීවිතාරක්ෂක පිරිස් කඩිනමින් ක්‍රියාත්මක වීම නිසා එම ජීවිත බේරා ගැනීමට හැකි ව තිබේ.
මෙසේ බේරා ගනු ලැබුවේ ත්‍රිකුණාමලය ඇතුල් වරාය පාරේ පදිංචි කලෙයිඥාන සුන්දරම් කිර්තිකා (14) හා ඇගේ බාප්පා වන යාපනය, කරවෙට්ටි පදිංචි විජයබාහු නිරෝදන් (30) නැමැති අයයි.
මෙම පොලිස් ජිවිතාරක්ෂක ඒකකය ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක මංජුල ආරියරත්න යන මහතා යටතේ ක්‍රියාත්මක වන අතර
සැරයන් (54427) " කොස්තාපල් වරුන් වන (38935) ප්‍රසන්න, (52622) බස්නායක, (66364)සුරේන්ද්‍ර (60563) කුමාරසිංහ යන නිලධාරින් මෙම ජිවිත බේරාගැනිමට සමත්වුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් ජිවිත මෙසේ බේරාගත් ඔබලාට පිං. එමෙන්ම තම රාජකාරිය කරන ගමන් කරගත්තා වූ මේ කුසල් මගින් ඔබලාගේ සියලු පැතුම් සාර්ථක වේවා!!!!