IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වන අලි ගලේවෙල පිබිදුණුගම වනසති


 
 
(මොහොමඩ් බුහාර්ඩින්)

 
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිබිදුණූගම ගම්මානයට කඩා වැදුණු වන අලියකු ගොවීන්ගේ බෝග වගාවන්  කා විනාශ කර දමා ඇතැයි ගම්මු කියති.


සතියක පමණ කාලයක සිට කහල්ල පල්ලේකැලේ රක්ෂිතයෙන් පැමිණෙන්නේ යැයි කියන මෙම වන අලියා ගම්මානය වටා ඉදිකර ඇති විදුලි වැට කඩා දමමින් ගම් වැදී ගොවිතැන් විනාශ කර දමා ඇත. 


අස්වැන්න නෙළීමට  ආසන්නව තිබියදී අලින් ගම්වැදී ඔවුන් වගා කරන වී, බීට්, බටානා, වට්ටක්කා, කැකිරි, පොල් ඇතුළු බෝග විනාශ කර දැමීම  නිසා ජන ජීවිතය අඩාල වී ඇතැයි ගම්මු පවසති.

 
උදෑසන සිට සවස්වන තුරු ගිනි අව්වේ  ගොවිතැන් වැඩකර නැවතත් රෑ එළිවෙන තුරු නිදි මරා වන අලින්ගෙන් සිය බෝග රැකගැනීමට ගම්මුන්ට සිදුව ඇත.


ගම්මානය වටා අලි වැටක් ඉදිකළත් එය ශක්තිමත් නොවන බවත්, වන අලි පලවා හැරීමට එහි විදුලිය ප්‍රමාණවත් නොවන බවත් ගම්මු පවසති. 


මේ පිළිබ‍ඳ අදහස් දැක්වූ පිබිදුණුගම ගම්වාසි එම්. ශාන්ත මහතා මෙසේ පැවසීය.


“ දැන් සතියක් තිස්සේ පැමිණෙමින් සිටින මේ අලියා ගම් වැදිලා දුක් මහන්සියෙන් හදපු මගේ පොල් වගාව වනසලා. ගහේ ගොබ ඇදලා ගහ පෙරළලා. පොල් ගහේ ගොබේ ඇද්දොත් ගහ ආයේ හැදෙන්නේ නැහැ. අපි දුක් මහන්සිවෙලා හදන බව භෝග විනාඩියට අලියා විනාශ කර දමලා යනවා බලා ඉන්නයි වෙලා තියෙන්නේ.  මේ ගැන වගකිවයුතු බලාධාරින්ගේ අවධානය යොමු කරන මෙන් ඉල්ලනවා”


වී. එම්. අමිතා කුමාරි මහත්මිය මෙසේ පැවසුවාය.


“මගේ බටානා වගාව වන අලි කාලා ගිහින්. කන්න හතරක් ගොවිතැන නැතිව යාන්තම් දුක් මහන්සි වෙලා බටානා ටිකක් වගා කළා. එදා රෑ හේනට එන්න බැරිවුණා. උදේ ඇවිල්ලා බලනකොට අලි හේන පාගලා බටානා ටික විනාශ කරලා. මේ අලි කරදරේ තියෙන්නේ අද ඊයේ ඉඳලා නෙවෙයි. දැන් අවු 10 තිස්සේ අලින්ගෙන් අපි දුක් විඳිනවා. මේ ගැන වගකිවයුතු බලධාරින් අවධානය යොමු කරලා මේ ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.”



අදහස් (0)

වන අලි ගලේවෙල පිබිදුණුගම වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site