(ඉන්දිකා රාමනායක)
නීති මත්ද්‍රවය මැඩලීම සදහා ජනතාවගේ සහය ලබා ගැනීමෙන් අරමුණින් ගම්පහ, මීගමුව, කැලණිය යන පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි ජනතාවට තොරතුරු ලබා දිය හැකි ‘‘කෙලින්ම කියන්න’’ ව්‍යාපෘතියේ හදිසි ඇමැතුම් අංක තුනක් අද (19) සිට හඳුන්වා දීමේ ඇත.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත පොලිසිය විසින් කි‍්‍රයාත්මක කර ඇති අතර මේ සදහා මීගමුව, ගම්පහ, කැලණිය, යන පොලිස් කොට්ඨාස ආවරණ වන පරිදි ජනාතාවට තොරතුරු ලබා දීමට හැකි දුරකතන අංක තුනක් හඳුන්වා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි.
මත්ද්‍රව්‍ය සහ මත්පැන්, නීති විරෝධී පැන් , මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් පහත අංක වෙත දැනුම් දිය හැකි බවද පොලිසිය කියයි.
ඒ අනුව මීගමුව කොට්ඨාසය- 0713680001, ගම්පහ කොට්ඨාසයේ -0713210001, කැලණිය කොට්ඨාසයේ - 0713580001 අංක වෙත ජනාතාවට තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය ඊයේ දින මීගමුව, ගම්පහ, කැලණිය යන පොලිස් කොට්ඨාස වලින් ආරම්භ වු බවත් ඉදිරියේ එව සමස්ත බස්නාහිර පළාත තුළම කි‍්‍රයාත්මක කරන බවද පොලිසිය කියයි.
මෙම අංක දෙකට අමතරව මත්ද්‍රව්‍ය සම්බ්න්ධයෙන් ස්විශේෂිය තොරතුරු වෙතොත් 0717582222, 0718591002 යන පොලිස්පතිවරයා අංක වෙත දැනුම් දෙන ලෙසට පොලිස්පතිවරයා ඉල්ලා සිටියි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගම්පහ-මීගමුව-කැලණිය මත් ද්‍රව්‍ය මැඩලීමට අංකයක්