(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙළ බැදි රන් මාලය යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කඩාගෙන මාතලේ දෙසට ගමන් කරමින් සිටියදී එම මාර්ග හරස් කර එම සැකකරුවන් දෙදෙනා සමඟ රන් මාලය අත්අඩංගුවට ගත් බව මාතලේ පොලිසිය පවසයි.
මාතලේ උකුවෙල ඕවිලිකන්ද උප නගරයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගෙල බැදි රන් මාලය යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කඩාගෙන මාතලේ දෙසට ගමන් කළ පුද්ගලයින් දෙදෙනා භාවිතා කළ යතුරු පැදියේ අංකය වර්ණය හා එහි ගමන් කළ මංකොල්ල කරුවන් ඇදසිටි ඇදුම්හි වර්ණයන් නිවරදිව මාතලේ පොලිසිය වෙත දැනුම්දී මට ඕවිලිකන්ද නගරයේ පුද්ගලයෙකු කටයුතු කර ඇත.
ඒ තොරතුරට අනුව මාතලේ පොලිස් ස්ථානාධිපති චානක ද සිල්වා මහතාගේ මෙහෙයවිමෙන් පොලිස් කණ්ඩායම් දෙකක් ඕවිලිකන්ද හරහා මාතලේට පැමිණිය හැකි මාර්ගවෙත යොදවා අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට පියවර ගෙන තිබේ .ඒ අනුව සැකකරුවන් දෙදෙනා කිරිමැටියාව ප්‍රදේශයේදී මාර්ගය හරස්කර නිතියේ රැහැනට හසුකර ගැනිමට සමත්ව ඇත.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෙළ බැදි රන් මාලය සොරාගත් යතුරුපැදි කරු අල්ලයි