බිඟුන් මේනක ගමගේ
උතුරු මැද පළාතේ අනුරාධපුර හා පොළොන්නරු දිස්ත‍්‍රික්කවල රෝහල් හි සේවය කරන හෙද කාර්ය මණ්ඩල ප‍්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගෙන අඟහරුවාදා (21) අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
පසුගිය දෙවසරෙහි ගෙවිය යුතු හිඟ අතීකාල නොගෙවීම හා පළාත් සභා රෝහල්වල සේවය කරන හෙද හෙදියන්ගේ පෞද්ගලික ලිපි ගොනුවල වැරදි නිවැරදි කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම එම හේතුව බව එම සංගමයේ වැඩබලන සභාපති එස්.බී මැද්දවත්ත මහතා පවසයි.
බලධාරීන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බව ද මැද්දවත්ත මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd