(දයාරත්න ඇඹෝගම)
දියේ ගිලීමෙන් අසාධ්‍ය තත්වයට පත්වු 17 හැවිරිදි තරුණයකු රෝහලට ගෙන යමින් සිටියදී ඔහු රෝහලට රැගෙන ගිය ත්‍රීරෝද රථය පෙරැලී සිදුවු අනතුරින් දියේ ගිලුණු පුද්ගලයා මිය ගොස් රියදුරා ද තුවාල ලැබු බව ගලෙන්බිඳුණූවැව පොලිසිය කියයි.
ගලෙන්බිදුණුවැව දිවුල්වැවේ දිය නෑමට ගිය 17 හැවිරිදි තරුණයකු දියේ ගිලි අසාධ්‍ය තත්වයට පත්ව ප්‍රතිකාර සඳහා ගලෙන්බිදුණූවැව රෝහලට ගෙන යමින් සිටියදී ත්‍රී රෝද රථය ගලෙන්බිදුණුවැව නගරය මැද පෙරැලී යාමෙන් පසුව දියේ ගිලුණූ පුද්ගලයාත් ත්‍රීරෝද රථ රියදුරාත් මෙසේ රෝහල් ගත කර තිබේ.
ඔහු රෝහලට ඇතුළත් කළ ද රෝගියා මියගොස් සිටි බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නුවර,බොක්කාවල පදිංචිකරුවකු වන කපුවත්තේ ගෙදර ඉසුරු ලක්මාල් විජේතුංග (17) නැමති අයෙකි.
මියගිය අය ගලෙන්බිඳුණූවැව ගැටලාව ගම්මානයේ සිය නැදෑයකුගේ නිවසට පැමිණ සිටියදී මෙම අනතුරට ලක්වී තිබේ.
මියගිය අයගේ සිරුරේ සිදුව ඇති තුවාල හේතුවෙන් මරණය සැකසහිත බව පවසා ගලෙන්බිඳුණූවැව රෝහලේ වෛද්‍යවරුන් එම දේහය වැඩිදුර පරික්ෂණ සඳහා අනුරාධපුර ශික්ෂණය රෝහලට යවා තිබේ.
ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි ත්‍රී රෝද රථ රියදුරා ගලෙන්බිදුණූවැව රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගිලෙන්න ගිය තරුණයා දියෙන් ගොඩ ගත්තත් රිය අනතුරෙන් මරුට