බිමල් ශ්‍යාමන් ජයසිංහ
කලුතර දිස්ත්‍රික් ලේකම්ගේ නිවස ඇතුළු නිවාස ගණනාවකින් මුදල් හා රන් අබරණ සොරා ගැනීම හා මහ මඟ ගමන් ගන්නා කාන්තාවන්ට උල් පිහියක් පෙන්වා ගෙල බැදි රන්මාල කොල්ලකෑමේ යෙදුණූ පුද්ගලයකු හා ඔහුට ආධාර අනුබල දුන් බව කියන එකම පවුලේ තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.
ප්‍රධාන සැකකරු ලියාපදිංචි අපරාධකරුවකු වන අතර සෙසු සැකකරුවන් ඔහුගේ අනියම් බිරිඳ හා එම කාන්තාවගේ පියා හා සහෝදරයා වන බව පොලිසිය පවසයි.
කොල්ලකන ලද හා සොරකම් කරන ලද රුපියල් ලක්ෂ දහයකට ආසන්න රන්මාල මුදු පෙන්ඩන් කොල්ලකෑමට යොදා ගත් උල් පිහියක්,සොරා ගත් රන් භාණ්ඩ උකස් ගැනීමට යොදා ගත් ජාතික හැඳුනුම්පත් තුනක් හා සොරාගත් යතුරුපැදියක් පොලිසිය බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd