හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව සියඹලාගස්වැව වෙම්බුවැව ප්‍රදේශයේ දී තිත් මුවකු මැරූ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් නිළධාරින් විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙම්බුවැව පදිංචි ව්‍යාපාරිකයකු සහ නිතිවිරෝධි කසිප්පු ජාවාරමට සම්බන්ධකම් ඇති සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙම්බුව කැළෑබද ප්‍රදේශයේදී බදින කදන් උපයෝගී කර ගනිමින් තිත් මුවා මරා හිස හා සම කැළැවේ සඟවා දමා මුවාගේ මස් අලෙවි කර තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකරුවන් සන්තකයේ තවත් මස් කිලෝ 6 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තිත්මුවකු මැරූ දෙදෙනෙක් අල්ලයි