හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව සියඹලාගස්වැව වෙම්බුවැව ප්‍රදේශයේ දී තිත් මුවකු මැරූ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් නිළධාරින් විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙම්බුවැව පදිංචි ව්‍යාපාරිකයකු සහ නිතිවිරෝධි කසිප්පු ජාවාරමට සම්බන්ධකම් ඇති සැකකරුවන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙම්බුව කැළෑබද ප්‍රදේශයේදී බදින කදන් උපයෝගී කර ගනිමින් තිත් මුවා මරා හිස හා සම කැළැවේ සඟවා දමා මුවාගේ මස් අලෙවි කර තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මෙම සැකකරුවන් සන්තකයේ තවත් මස් කිලෝ 6 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (17) ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd