(ජේ.කේ.එල් චාමින්ද)
දකුණු පළාතෙන් අතිරේක බස් රථ 14ක් දුර ගමන් සේවා සදහා යොදවා ඇති බව ලංගම ඩිපෝවේ දකුණු පළාත් කාර්යාලයේ ප්‍රදේශිය ධාවන කළමණාකරු ප්‍රදිප් චන්දන මහතා පැවසිය.
මෙම අතිරේක බස් රථ ගාල්ල කොළඹ, මාතර කොළඹ, තංගල්ල කොළඹ යන මාර්ගවල ධාවන කටයුතු සදහා යොදවා ඇති බවද ප්‍රාදේශිය ධාවන කළමණාකාරවරයා සදහන් කළේය.
මෙකි අතිරේක බස් රථ ඇල්පිටිය, ගාල්ල, අම්බලන්ගොඩ, මාතර, කොග්ගල, තංගල්ල යන ශ්‍රි ලංගම ඩිපෝ මගින් යොදවා ඇති බවද හෙතෙම පැවසිය. මිට අමරතව මොරටුව, කටුබැද්ද යන ඩිපෝ මගින් අමතර බස් රථය හයක් ගාල්ල හා මාතර ප්‍ර දේශවලට යොදවා ඇති බවද ප්‍රදිප් චන්දන මහතා සදහන් කළේය.
මගි ජනතාවට ගැටළුවකින් තොරව ප්‍රවාහන පහසුකම් සපයා ගැනිම සදහා මෙම අතිරේක බස් රථ යොදවා ඇති බවද ප්‍රදිප් චන්දන මහතා වැඩිදුරටත් සදහන් කළේය.
පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් ඊයේ (15) රාත්‍රි සිට ආරම්භ කළ බස් රථ වර්ජනය නිසා කතරගම කොළඹ, මාතර කොළඹ, ගාල්ල කොළඹ, හම්බන්තොට කොළඹ, අම්බලන්ගොඩ කොළඹ, තංගල්ල කොළඹ යන දුර ගමන් මාර්ගවල පෞද්ගලික බස් රථ ධාවන කටයුතු ඇනණහිට තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ අම්බලන්ගොඩ බස් වැඩ කරන්නෙ හවස කියටද