IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉතාලියේ වැවක දිය නාමින් සිටි ලාංකිකයෙක් ගිලී මරුට

(චන්දන ප‍්‍රනාන්දු)                                                  

ඉතාලියේ ලෙක්කෝ පළාතේ වැවක දිය නාමින් සිටි ලාංකික දෙදරු පියෙක් ගිලි මියගොස් ඇති බව ඉතාලි ආරංචි මාර්ග පවසයි .                                                                                               

මෙලෙස මියගොස් ඇත්තේ මිලාන් නුවර සන් ජුලියානෝ ප‍්‍රදේශයේ තම පවුලත් සමඟ ජිවත් වෙමින් රැකියාව කළ ආසිරි නැනොබි නැමති 35 හැවිරිදි අයෙකි .


තම පවුලේ සාමාජිකයන් හා හිත මිතුරන් පිරිසක් සමඟ ඊයේ (15) ඉතාලියේ පෙර් අගෝස්තු නැමති නිවාඩු දිනය ගතකිරිමට ඔන්නො නැමති වෑවේ දිය නෑමට ගොස් සිටියදී මෙම අවසානාවන්ත සිදුවීම වි ඇති බව එරට ආරංචි මාර්ග පවසයි.

වැවේ ජල පහරට හසුව ගසාගෙන යමින් තිබු පිහිණුම් උපකරණයක් රැගෙන ඒමට පිහිනා යමින් සිටියදි ඇති වු රෝගි තත්වයක් පැන නැගීම හේතුවෙන් මෙම පුද්ගලයා දියේ ගිලි මෙලෙස මියගොස් තිබේ. 

මෙම සිදුවීමත් සමඟ ලෙක්කෝ නාගරික හදිසි අනතුරුවලින් ගලවා ගැනිමේ කණ්ඩායම් හා කිමිදුම් කණ්ඩායම එම ස්ථානයට පැමිණි දියේ ගිලුණු ලාංකිකයාගේ සිරුර සොයා මෙහෙයුම්  සිදුකර ඇති අතර රාත‍්‍රි 8 ට පමණ මළ සිරුර සොයාගත් බව එරට ආරංචිමාර්ග පවසයි.



අදහස් (0)

ඉතාලියේ වැවක දිය නාමින් සිටි ලාංකිකයෙක් ගිලී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site