(ශාන්ත චන්ද්‍රසිරි)
මධ්‍යම කඳුකර ප්‍රදේශයන්ට පවතින වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලා ජලාශයේ වාන් දොරටු තුනක් අද (17) තව දුරටත් විවෘත කර තැබීමට ජලාශය භාර ඉංජිනේරුවරුන් විසින් පියවර ගෙන තිබිණි.
ඉහළ කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ජලාශයේ වාන් දොරටු තුනක් පෙරේදා (15) විවෘත කර තිබු අතර එයින් එකක් ඊයේ (16) වසා දමා තිබු අතර, යළිත් වර්ෂාව තවදුරටත් පැවැතීම නිසා මෙසේ වාන් දොරටු විවෘත කිරීමට ජලාශය භාර ඉංජිනේරුවන් පියවර ගෙන තිබිණි.
ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමඟ කොත්මලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ජලාශයට පහළ ප්‍රදේශයේ කොත්මලා ඔයේ ජලය පරිහරණය කිරීමේදි ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස නුවරඑළිය දිසාපති එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඉහළ කොත්මලේ වාන් දොරටු තුනක් විවෘත කරයි