IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


සැමියාගේ තර්ජන ඉවසාගත නොහැකිව බිරිඳ ත්‍රිරෝද රියෙන් පැන පොලිසියට යයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
රූපලාවන්‍ය ශිල්පිනියකුගේ සැමියා සිය බිරිඳට මරණීය තර්ජන කරමින් තී‍්‍ර රෝද රථයකින් රැගෙන යමින් සිටියදී ධාවනය වෙමින් පැවති රියෙන් බිමට පැනගත් ඇය පොලිසියේ පිහිට පතා ගිය පුවතක් වාර්තා වේ. ඇගේ දෙමාපියන්ට ඈ බාරදීමට කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය පැවසීය.


රියෙන් බිමට පැනීමේ දී ඇයගේ නළලටල නාසයට හා අතකට තුවාල සිදු වී තිබූ අතර පොලිස් නිලධාරිනියන්ගේ මැදිහත්වීමෙන් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්ලිව්. එල්. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පළමුව ඇයට ප‍්‍රතිකාර ලබාදුන් බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.


පෑලියගොඩ ප‍්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යමින් සිටි 23 හැවිරිදි වියේ  පසුවූ එම කාන්තාවට අවුරුදු හතරක දරුවකු සිටින බව මූලික විමර්ශනවලදී හෙලි වී ඇත.


මත්කුඩු සහ ගිනි අවි ළඟ තබාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලද සිය සැමියාගෙන් නිරතුරුවම එල්ල වූ තාඩන පීඩන හේතුවෙන් ඔහුට විරුද්ධව අලූත්කඩේ දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් ද පවරා තිබෙන බව රූපලාවන්‍ය ශිල්පිනිය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ පවසා ඇත.



අදහස් (0)

සැමියාගේ තර්ජන ඉවසාගත නොහැකිව බිරිඳ ත්‍රිරෝද රියෙන් පැන පොලිසියට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11136 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site