(ජේ.කේ.එල්.චාමින්ද)
වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි ඉන්දීය ජාතිකයකු කිතුලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොද්දල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා 28 හැවිරිදි වියේ පසුවන්නෙකි. මොහු මෙරට කම්කරුවකු ලෙස සේවය කර ඇති බව පොලිසිය පවසයි.
කිතුලම්පිටිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඉදිකිරිම් කටයුතුවල නිරතව සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර ඉන්දීය ජාතිකයා වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදීසිටිම සම්බන්ධයෙන් අද (17) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd