ජුඩ් සමන්ත
“මදුරන්කුලිය සංචාරක තොරතුරු හා පහසුකම් මධ්‍යස්ථානය” විවෘත කර වසරකට වැඩි කාලයක් ගත වී ඇතත් එය කිසිදු ප්‍රයෝජනයක් නොගෙන මේ වන විට අතහැර දමා ඇති ආකාරයක් දක්නට ඇත.
පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් කෝටි 5 කට වැඩි මුදලක් වැයකර මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇත. පුත්තලම ප්‍රාදේශීය සභාවේ යෝජනාවක් අනුව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල වයඹ පළාත් සභාවේ වයඹ සංවර්ධන අධිකාරියට අයත් එකකි.
වෙළඳ කුටි, නේවාසික පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු රැසක් මෙම සංකීර්ණය තුළ පිහිටා ඇත.
කටුනායක ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් කල්පිටිය, විල්පත්තුව සහ උතුරු ප්‍රදේශයේ සංචාරය සඳහා යන විට පහසුකම් සහ තොරතුරු සැපයීම මෙම මධ්‍යස්ථානයේ අරමුණ වී ඇත.
ජලය විදුලිය වැනි පහසුකම්ද මෙම මධ්‍යස්ථානය වෙත ලබා දී ඇත.
පසුගිය වසරේ මාර්තු 14 වැනි දා වයඹ ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක සහ එවකට සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති ධූරය දැරූ අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් මෙම තොරතුරු මධ්‍යස්ථානය විවෘත කර ඇත.
මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කරන ලද කොන්ත්‍රාත් ආයතනයට අදාළ ගෙවීම් කටයුතු නිසි පරිදි නොගෙවීම නිසා ඇතැම් ඉදිකිරීම් සිදුකර නොමැති බව ඒ සම්බන්ධයෙන් කරන ලද සොයා බැලීමකදී අනාවරණය විය.
මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ යෝජනාව පුත්තලම ප්‍රාදේශීය සභාව විසින් කර ඇතත් එහි අයිතිය වයඹ සංවර්ධන අධිකාරියට පැවරීම නිසා විවෘත කළත් පවත්වා ගෙන නොයන තත්ත්වයට පත්වීමට හේතුවක් බවද පැවසේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘පුත්තලම සංචාරක තොරතුරු මධ්‍යස්ථානය විවෘත කළත් තාම වැඩ නෑ’