ක.ග කරුණාරත්න
පොලොන්නරුව නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (16) සිය තනතුරේ වැඩ බාර ගත්තේය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ මහතා මීට පෙර බදුල්ල, මහියංගණය සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත්, ඌව පළාත් සභාවේ පේෂකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ, එම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ ලෙස සහ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර ඇත.
පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස මෙතෙක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන රංජිත් ආරියරත්න මහතා නව තැපැල්පතිවරයා ලෙස ඉකුත් 15 වෙනි දින වැඩ බාර ගත්තේය.
නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස වැඩබාර ගත් ප්‍රභාත් අබේවර්ධන මහතා පොළොන්නරුවේ 25 වැනි දිසාපතිවරයා වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd