නුග අත්තක් කඩා වැටිමෙන් ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලෙයි විශාල නුග ගසක අත්තක් ත්‍රිරෝද රථයක් මතට කඩා වැටිමෙන් එම ත්‍රිරෝද රථය අඩි 20 පමණ ප්‍රපාතයකට පෙරලි එම ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුලත් කල බව නාවලපිටිය පොලිසිය පැවසිය. 08 September 2018
වෙළදසැලක් පිටුපස මළසිරුරක් දෙහිඅත්තකණ්ඩිය -පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ රිදීඇල ප්‍රදේශයේ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය පුද්ලයෙකුගේ ඝාතනයකළ බවට සැකකරන මළ සිරුරක් අද 08 වෙළදසැල පිටුපස වෙල් යායේ තිබී සොයාගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි. 08 September 2018
ටැමඩෝල් සමග තරුණයකු අත්අඩංගුවට ටැමඩෝල් පෙති 5000 ක් සමග වයස අවුරුදු 20 ක් වන තරුණයෙකුව පුත්තලම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නොරෙච්චෝල පොලීසියට බාර දී ඇත. 08 September 2018
තුවක්කුවක් සහිතව කැබ් රථයකින් පැමිණි තිදෙනෙකු අත්අඩංගුවට ගලහ නගරයේදි අද (9) බෝර දොලහේ තුවක්කුවක් සහිතව කැබ් රථයකින් ගමන් ගත් තිදෙනෙකු ගලහ පොලිසියේ නිලධාරි කණ්ඩායමක් මගින් අත් අඩංගුවට ගෙන ඇත. 08 September 2018
කෘෂි කාර්මික කටයුතු සංවර්ධනයට රුපියල් මිලියන 36ක් ගාල්ල දිස්ත්‍රික්කය තුල කෘෂි කාර්මික කටයුතු සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරිම සදහා රුපියල් මිලියන 36ක මුදලක් කෘෂිකාර්මික අමාත්‍යාංශය මගින් ලබා දි ඇත. 08 September 2018
මළ සිරුරක කොටස් හලාවත වෙරළෙන් හමුවෙයි නාඳුනන මළ සිරුරක කොටස් කීපයක් හලාවත මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බව හලාවත පොලීසිය කියයි. 08 September 2018
බලපත්‍ර රහිත ගිනි අවි පතරොම් තබාගත් අයෙකු අත්අඩංගුවට බලපත්‍ර රහිත ගිනි අවි 03 ක් සහ ජීව පතුරම් තොගයක් සමග සැකකරුවෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 08 September 2018
පොහොට්ටුවේ මන්ත්‍රීගේ පොල් වගාව අලි රංචුවක් විනාශ කරලා සාලියවැව හල්මිල්ලගොල්ලෑවේ පිහිටි කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුමිත් ජයසේකර මහතාගේ පොල් ඉඩමකට කඩා වැදුණු වල්අලි රංචුවක් එහි තිබූ පීදුණු පොල් ගස් 60ක් පමණ විනාශකර දමා ඇතැයි ඒ මහතා පැවසීය. 07 September 2018
ඇල්ලේ නිවසකින් මළ සිරුරක් ඇල්ල හෙළ පුපුල ප්‍රදේශයේ නිවසක තිබී දින කීපයක් පැරණි යැයි සැකකෙරෙන පුද්ගල මළ සිරුරක් ඇල්ල පොලීසිය විසින් අද (7) සවස සොයා ගනු ලැබීය. 07 September 2018
දුම්රියේ හැපී තරුණියකට තුවාල දුම්රිය මාර්ගයේ පා ගමනින් යමින් සිටි තරුණියක් කඹුරුගමුව දුම්රියපොළ අසලදී අද (7) මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් තුවාල ලැබ මාතර රෝහලට ඇතුළු කර ඇතැයි කොටවිල පොලිසිය පවසයි. 07 September 2018
අ‘පුර නගර සභාවේ මූල්‍ය වංචා නඩුවේ ඇප ඉල්ලීම ඉවතට අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂ අනූ හතර දහස් අසූ දෙකක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඞ් කර සිටින අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් විෂය බාර නිලධාරිනිය ආදායම් පාලක ඇගේ සැමියා ඇගේ සහෝදරයා සහ ඇගේ මිතුරියක ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කළ ඉල්ලීමක් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා අද (7) තරයේ ප්‍රතික්ෂේප කළේය. 07 September 2018
දෙමටත්ආර රක්ෂිතයේ ගින්නකින් අක්කර 20 ක් විනාශයි වැල්ලවාය ඇතිලිවැව දෙමටත්ආර රක්ෂිතයේ අද (7) අලූයම ඇතිවූ හදිසි ගින්නකින් එම රක්ෂිතයේ අක්කර විස්සක පමණ භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇතැයි වැල්ලවාය පොලීසිය පවසයි. 07 September 2018
ඇලයාපත්තුවේ නිවසක් පිටුපස ජීව උණ්ඩ 24 ක් සොයාගනී ඇලයාපත්තුව නිවසක් පිටුපස තබා තිබු ටී.56 ගිනි අවි සඳහා යොදන ජීව උණ්ඩ 24 ක් සොයා ගත් බව මහවිලච්චිය පොලිසිය කියයි. 07 September 2018
වැලිකන්ද පාළු තැනකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි වැලිකන්ද, රුවන්පිටිය ප්‍රදේශයේ පාළු ස්ථානයක තිබී පුද්ගල මළ සිරුරක් අද (7) උදේ හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි. 07 September 2018
පිස්තෝලයක්- කොකේන් සමඟ අයෙක් අත්අඩංගුවට මත්තේගොඩ තල්ගස් හන්දියේදී ජර්මනියේ නිෂ්පාධිත පිස්තෝලයක් සහ ලක්ෂ දෙකක කොකේන් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය කියයි. 07 September 2018
යතුරුපැදි අනතුරකින් සමෘද්ධි නිලධාරියෙකු මරුට බඳගරිය පල්ලෙමලල මාර්ගයේදී අද (06) ටිපර් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ බඳගිරිය සමෘද්ධි නිලධාරීවරයා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව හම්බන්තොට පොලිසිය පවසයි. 06 September 2018
අනවසර මැණික් කැණීම් කළ 8ක් රිමාන්ඩ් සමනලවැව ජලාශයේ ප්‍රධාන වේල්ලේ ජලය කාන්දු වන ස්ථානයට පහළ ජල මාර්ගයේ කිමිදුම් කට්ටල යොදාගෙන රාත්‍රී කාලයේ අනවසරෙන් මැණික් කැණීම් කළ අටදෙනෙක් මේ මස 14 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ මහේස්ත්‍රාත් දුමින්ද පී මුදුන්කොටුව මහතා අද (6) නියෝග කළේය. 06 September 2018
බඹර ප්රහාරකින් පුද්ගලයෙක් මරුට ඇටම්පිටිය නිලිඇතුගොඩ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙකු බඹර ප්‍රහාරයකින් අද (6) සවස මරණයට පත්ව ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි. 06 September 2018
ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් පලු දැව තොගයක් අත්අඩංගුවට සෝමාවතිය ජාතික වන උද්‍යානයේ ඇති පලු ගස් තොගයක් කපා ප්‍රවාහනයට සුදානම් කර තිබියදී අද (6) පුද්ගලයින් දෙදෙනෙකු ද සමඟ දැව තොගය අත්අඩංගුවට ගත්බව මැදිරිගිරිය පොලිසිය කියයි. 06 September 2018
මයිලඩ්ඩි අක්කර 4ක් යළි මුල් පදිංචිකරුවන්ට යුද්දය හේතුවෙන් වසර 30ක් පුරාවට ආරක්ෂක අංශ භාරයේ පැවති යාපනය මයිලඩ්ඩි උතුර ග්‍රාම සේවා වසමට අයත් ප්‍රදේශයන්හි ඉඩම් අක්කර 4යි පර්චස් 44 ක භූමි ප්‍රමාණයක් අද (06) මුල් අයිතිකරුවන් වෙතට භාර දීම සිදු විය. 06 September 2018
උසාවි නියෝගයෙන් කුරුල්ලන් 300ක් කලාවැව වනෝද්‍යානයට දැල් සහ විවිධ උපකරණ යොදා ගනිමින් අල්ලා ගත් කුරුල්ලන් 300 දෙනෙකු කලාවැව වනෝද්‍යානයට මුදා හරින ලෙස කැකිරාව මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා වනජීවි නිලධාරීන්ට අද (6) නියෝග කළේය. 06 September 2018
පසුපෙළ මන්ත්‍රීන්ගෙන් අගමැතිට තුති ඒකාබද්ද විපක්ෂය කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන්ට කිසිදු හානියක් නොවන ලෙස ආරක්ෂක අංශ මෙහෙයවීම ගැන පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ ස්තූතියක් පළ කළහ. 06 September 2018
සමෘද්ධිය හිමියන්ට කඩිනමින් ප්රතිලාභ දෙන්නැයි අගමැතිගෙන් උපදෙස් සමෘද්ධි ප්රතිලාභ හිමිවීමට සුදුසුකම් තිබියදීත් සමෘද්ධි සහනාධාරය නොලැබූ අය ගැන සොයා බැලීමට පත් කළ කමිටුව වහා රැස්කර සමෘද්ධි ප්රතිලාභ දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. 06 September 2018
ගංජා කට්ටයක් කටේ දමාගෙන දිවගිය තරුණයෙකු පොලිස් දැලේ පොලිසිය පැමිණෙනු දැක අතේ තිබූ ගංජා කට්ටයක් කටේ දමාගෙන දිවගිය ගංජා ජාවාරමක නිරත තරුණයෙකු පසුපස පන්නා ගිය කන්දකැටිය පොලීසියේ නිලධාරීන් දැඩි පරිශ්‍රමයකින් පසු එම තරුණයාව අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය කියයි. 06 September 2018
පිහියෙන් ඇණ ඝාතනය කළැයි පුද්ගලයෙක්ට මරණ දඬුවම මහවැව - කුඩාවැව,දෙණිය ප්‍රදේශයේ දී පිහියකින් ඇණ මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බව කියන විත්තිකරුවකුට හලාවත මහාධිකරණ විනිසුරු වයි ප්‍රනාන්දු මෙනවිය අද (6) මරණීය දණ්ඩය නියම කළාය. 06 September 2018
දියකාවා මෙහෙයුම අදින් ඇරැඹේ දෙස් විදෙස් ති‍්‍රවිධ හමුදා සහභාගීත්වයෙන් වර්ෂයක් පසා පවත්වන නැගෙනහිර පළාත් මුලික කරගනිමින් දියකාවා යුද අභ්‍යාසය 9 වැනි වරටත් සැප්තැම්බර් 6 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වන බව යුද හමුදාව කියයි. 06 September 2018
සුපිරි මඟේ වැඩබිමකින් සොරා ගත් ඩීසල් සමඟ අයෙක් අල්ලයි ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ දක්ෂිණ අධිවේගී මාර්ග වැඩබිමකින් සොරකම් කරන ලද ඩීසල් තොගයක් බෙලිඅත්ත කහවත්ත ප්‍රදේශයේ දී සැකකරුවකු සමඟ අද (6) බෙලිඅත්ත පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 06 September 2018
උතුරේ හෙද නිලධරයෝ වැඩ වරති ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් උතුරු පළාතේ රෝහල් රැසක හෙද නිලධාරීන් හා නිලධාරිනියන් අද (6) උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක නිරතවූහ. 06 September 2018
උතුරේ තරුණ තරුණියන්ගේ අසහනයට හේතුව ආණ්ඩුකාරවරයා කියයි අතීතයේ සිට උතුරු පළාතේ තිබූ කර්මාන්ත වැඩි ප්‍රමාණයක් අද වන විට වැසී යාමත් උතුරේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදන වැඩපිළිවෙළක් නොමැති වීමත් නිසා ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ විරැකියාව බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය. 06 September 2018
ගාලුකොටුව ආසන්නයේ ඉඩමක වසර 300ක් පැරැණි සොහාන්කොත් දෙකක් ලෝක උරුම ගාල්ල කොටුව පෙඩරල් විදියේ ඉඩමක සිදුකරනු ලබන කැනිමකදි වසර 300 කට වඩා පැරැණි සොහොන් කොත් දෙකක පළක හමුවි ඇති බැව් ගාල්ල මාතර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්ති අලහකොන් මහත්මිය සදහන් කළාය. 06 September 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026