සිසුවාට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට පානදුර ප්‍රදේශයේ විදුහලක සිසුවෙකුට අමානුෂික අයුරින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන එම විදුහලේ ගුරුවරයෙකු අද (12) අත් අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය කියයි. 12 September 2018
නොරොච්චෝලේ ප්ලාස්ටික් බඩු අලෙවිසලක ගින්නක් නොරොච්චෝල නගරයේ ප්ලාස්ටික් බඩු වෙළද සැලක,අද (12 )දින සන්ධ්‍යාවේ ඇතිවු ,හදිසි ගින්නකින් එම වෙළදසැල ගිණිගෙන ලක්ෂ 30 කට වැඩි අලාභයක් සිදුව ඇතැ යි නොරොච්චෝල පොලිසිය පවසයි. 12 September 2018
බිරිය ඝාතනය කර දිවිනසා ගැනීමට තැත් කළ සැමියා අත්අඩංගුවට හෝමාගම අතුරුගිරිය පාරේ 3 වැනි පටුමගෙහි නිවස තුළදී තම බිරිය ඝාතනය කර නිවස ඉදිරිපිට මාර්ගයේ දෙල් ගසක එල්ලී දිවි හානි කර ගැනීමට තැත් කළ පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන අද(12) සවස හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි හෝමාගම පොලිසිය පවසයි. 12 September 2018
ගලක් පෙරැළි හිස මත වැටීමෙන් කම්කරුවෙක් මරුට කඳුමුදුණේ ගොඩ ගසා තිබු විශාල ගලක් පහළට පෙරැළිගෙන විත් වැඩ කරමින් සිටි වතු කම්කරුවෙකුගේ හිස මතට වැටිමෙන් එම කම්කරුවා එම ස්ථානයේදිම මිය ගොස් ඇති බව දිඹුල පොලිසිය පවසයි. 12 September 2018
උතුරුමැද අධ්‍යාපන නිලධාරීන් පිරිසකට නොතීසි ඔක්තෝබර පළමු වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක මහතා උතුරු මැද ආණ්ඩුකාර ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට අද නොතීසි නිකුත් කළේය. 12 September 2018
ගාල්ලේ පාලමේ ඉදිකිරීම් නතරවීමෙන් අපහසුතා ගාල්ල නගරයේ දුම්රිය ස්ථානය අසළ පාලමේ ඉදිකිරීම් කටයුතු හදිසියේම නතර කර දැමීම හේතුවෙන් නගරයට පැමිණෙන ජනතාව දැඩි අසීරුතාවකට මුහුණ පා සිටිති. මෙය ඕලන්ද යුගයේ ඉදිකළ පාලමක් සේම පුරාවිද්‍යා ස්මාරකයක් ද වේ. මේ වනවිට එහි ඉදිකිරීම් නවතා ඇතත් ඒ වෙනුවෙන් සැකසූ ආවරණ සවි කර ඇත්තේ මාර්ගයේ කොටසක් වැසෙන පරිද්දෙන් වන නිසා දෛනිකව මෙම ස්ථානයේ විශාල වාහන තදබදයක් පවතී. 12 September 2018
මුලතිව් වට්ටුවාකල්-නන්දිකඩාල් කලපු සීමාවේ මසුන් මිය යාමේ තර්ජනයක් මුලතිව් වට්ටුවාකල් හා නන්දිකඩාල් පාලම සහිත කලපු සීමාවේ මසුන් මියගොස් කලපුවේ පාවෙමින් තිබෙන බව මුලතිව් වට්ටුවාකල් හා නන්දිකඩාල් හි ධිවර රැකියාවේ නිරත වන පිරිස් පවසති. 12 September 2018
කටාර් රැකියා දෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් අත්අඅඩංගුවට කටාර් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 27 දෙනෙකුගෙන් මුදල් වංචා කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලසිය පවසයි. 12 September 2018
කිරිඉබ්බන්ආර අනතුරකින් අයෙක් මරුට තණමල්විල කිරිඉබ්බන්ආර සූරියවැව ප්‍රධාන මාර්ගයේ එඩිෂන් කන්ද අසලදී අද (12) අලූයම යතුරුපැදියක් අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි සෙවනගල පොලීසිය පවසයි. 12 September 2018
අ’පුරේ සුළු සේවකයෝ උද්ඝෝෂණයක අනුරාධපුර ශික්ෂණ රෝහලේ පවතින සුළු සේවක පුරප්පාඩු සම්පුර්ණ කිරිම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම රෝහලේ සුළු සේවකයන් අද (12) පස්වරුවේදී උද්ඝෝෂණයක නිරත වුහ. 12 September 2018
බණ්ඩාරවෙල නගරාධිපති හදිසියේම සමුගනී බණ්ඩාරවෙල මහ නගරසභාවේ නගරාධිපති නලින් ප්‍රියන්ත සූරියගේ මහතා අද (12) උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී හදිසියේ අභාවප්‍රාප්ත විය. 12 September 2018
වවුනිකුලම් අභයභූමියේ වැලි කැණීම් කළ 6 දෙනකු අත්අඩංගුවට මුලතිව් - වවුනිකුලම් අභයභූමිය තුළ නීතිවිරෝධී අයුරින් වැලි කැණීම් සිදුකළ පුද්ගලයින් හයදෙනකු කිලිනොච්චිය දිසා දුෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 12 September 2018
මුහුදු අශ්වයින්- කූඩැල්ලන් සමඟ චීන ජාතිකයෙක් අත්අඩංගුවට රුපියල් කෝටියකට වඩා වටිනා මුහුදු අශ්වයින් සහ මුහුදු කූඩැල්ලන් කිලෝ ග්‍රෑම් 39 ග්‍රෑම් 330 නීති විරෝධිව සන්තකයේ තබා ගනිමින් සහ එයින් කිලෝ 5 තේ කුඩු අඩංගු ඇසුරුම් ලෙස අධිවේගි ගුවන් තැපැල් මගින් චීනයට යැවීම උත්සහ කළ චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව මීගමුව පොලීසිය පවසයි . 12 September 2018
කිලිනොච්චියටත් ගිනි නිවීමේ ඒකකයක් කිලිනොච්චි දිස්ත්‍රික්කයට විශාල අඩුපාඩුවක්ව පැවති ගිනි නිවීමේ ඒකකය විවෘත කිරීම නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චියේ දී සිදු කරනු ලැබීය. 12 September 2018
නව තක්කාලි ප්‍රභේදයක් හඳුන්වා දීමට යයි නේපාලයට ආවේණික තක්කාලි ප්‍රභේදයක් වන සැන් මර්සානෝ ( SAN MERZANO) නැමැති තක්කාලි ප්‍රභේදය මෙරට වගාකිරීමට අත්හදා බැලීම මේ වනවිට සිදුකරමින් සිටින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 12 September 2018
බලපත්‍ර නොමැතිව කොස් දැව ප්‍රවාහනය කළ දෙදෙනක් අත්අඩංගුවට බලපත් නොමැතිව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ කොස් දැව සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල දිසා අඩවි වන නිලධාරී කාර්යාලය කියයි. 12 September 2018
දිඹුලාගල වන අලි පහර දීමකින් අයෙක් මරුට අරලගංවිල පොලිස් වසමට අයත් දිඹුලාගල, ඉහළඇල්ලේවැව ප්‍රදේශයේදී අද (12) අලුයම වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි අරලගංවිල පොලීසිය කියයි. 12 September 2018
‘හෝමාගම තාක්ෂණ නගරයට එල්ලවන චෝදනා බොරු ලු’ හෝමාගම තාක්ෂණ නගර ව්‍යාපෘතිය හරහා ඉඩම් අක්කර 4000 ක් කොරියානු රජයට හා එරට සමාගම්වලට විකිණීමට යන බවට පළවන අදහස් සම්පූර්ණයෙන් අසත්‍ය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධ්‍ය වෛද්‍යරත්න මහතා පැවසීය. 11 September 2018
විතානමුල්ලේ වැසිකිලියකින් මළ සිරුරක් හමුවේ මිනුවන්ගොඩ විතානමුල්ල ඇන්කර්වත්ත ප්‍රදේශයේ පිහිටි වැසිකිළියක් තුළ තිබී අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (11) ප්‍රදේශවාසියෙකුගේ දැනුම් දීමක් මත සොයා ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි. 11 September 2018
යාලබෝවේදී ත්‍රීරෝද රථ අනතුරකින් පුද්ගලයෙකු මරුට වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ යාලබෝව මංසන්ධිය අසලදී අද (11) නවතා තිබූ ලොරි රථයක ත්‍රීරෝද රථයක් හැපීමෙන් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි වැල්ලවාය පොලිසිය පවසයි. 11 September 2018
සහෝදරයන් 7කගේ ළමයින් බලා පාළු නිවසක තනිවෙයි සහෝදරයන් හත් දෙනෙකුගේ දරුවන් රැක බලා ගත් අවිවාහක කාන්තාවl ලෙඩ වුවායින් පසුව කෑමක බීමක් නොමැතිව මාස ගණනක් තිස්සේ පාළු නිවසක දමා ගොස් සිටියදි අද සොයා ගත් බව මාවනැල්ල පොලිසිය කියයි. 11 September 2018
පිටරත්මලේ වතු කම්කරුවෝ වැඩ වරති මල්වත්ත වැවිලි සමාගමට අයත් හපුතලේ පිටරත්මලේ වතුයායේ පහළ කොටසේ කම්කරුවෝ පිරිසක් අද (11) වැඩ වර්ජනයක නිරත වී සිටිති. 11 September 2018
නව කෘෂි ඩිප්ලෝමා පාඨමාලාවක් මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හසලක කාර්මික විද්‍යාලයේ දී කෘෂි නිෂ්පාදන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමට ජාතික විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යංශය පියවර ගෙන ඇත. 11 September 2018
උතුරේ සියදිවි හානි වැඩි වීම නවතන්නැයි වව්නියාවේ පාගමනක් ලෝක සියදිවි හානිකරගැනීම් වැළැක්වීමේ දිනයට සමගාමීව උතුරු පළාතේ ජනතාව විවිධ ගැටලු හේතුවෙන් සියදිවි හානිකර ගැනීම් දිනෙන් දින වැඩි වීමේ අවදානමක් පවතින හෙයින් එය මැඩපැවත්වීමට සියලු දෙනා එක්වන්නැයි ඉල්ලමින් අද (11) වව්නියාවේ ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් පැවත්විණි. 11 September 2018
වන අපරාධ 3887 ක් වාර්තා වෙයි වනාන්තර එළි පෙහෙළි කිරීම ඇතුළු වන අපරාධ 3887ක් ගිය වසරේදී වාර්තා වී ඇතැයි මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 11 September 2018
ගමකට තර්ජනය වු කිඹුලියක වනජීවී නිලධාරීන් අල්ලාගනී ඌරියාව- අන්දරවැව ප්‍රදේශයේ ජන ජීවිතයට තර්ජනයක් වූ විශාල ගැබ්බර කිඹුලියක අල්ලා ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය පවසයි. 11 September 2018
වව්නියාවේ පාසල් ළමුන් දෙදෙනෙකු පහරදුන්නැයි පොලීසියට එරෙහිව උද්ඝෝෂණයක් වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලීසිය විසින් සැකකරුවන්ට හා පාසල් ළමුන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි පවසමින් කනගරායන්කුලම් පොලීසියට එරෙහිව විරෝධතාවක් අද (11) උදෑසන කනගරායන්කුලම් ප්‍රදේශයේදී පැවත්වුණි. 11 September 2018
සමනළවැව රක්ෂිතයට ගිනිතිබ්බේ රිලවෙක්ද සමනල වැව ජලාශයට ඉහළින් ඇති රක්ෂිතයේ සිදුවු ගිනි ගැනීමක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි. 11 September 2018
බාලවයස්කාර දැරියට අතවර කළ පෙම්වතා සහ මිතුරා සොයා පරීක්ෂණ ප්‍රේම සම්බන්ධතාවයකින් පසු 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් පාසල වෙත එන අතරවාරයේදී ඇය රවටා ගෙන මෝටර් රථයක නංවාගෙන ගොස් හක්මන ප්‍රදේශයේ පාලු නිවසක දී ඇයට අතවර කර රුපියල් සියයක් දුන් බව කියන පෙම්වතා වන උසස් පෙළ සිසුවකු හා ඔහුගේ මිතුරකු සැක පිට අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව කඹුරුපිටිය පොලීසිය පවසයි. 11 September 2018
අග්නිදිග සරසවි සිසුහු බදුල්ලේ සත්‍යග්‍රහයක අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සරසවි සිසුහු අද (11) බදුල්ල නගරයේ දී සත්‍යග්‍රහයක නිරතව සිටිති. 11 September 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026