සමන් විජය බණ්ඩාර
සහෝදරයන් හත් දෙනෙකුගේ දරුවන් රැක බලා ගත් අවිවාහක කාන්තාවl ලෙඩ වුවායින් පසුව කෑමක බීමක් නොමැතිව මාස ගණනක් තිස්සේ පාළු නිවසක දමා ගොස් සිටියදි අද සොයා ගත් බව මාවනැල්ල පොලිසිය කියයි.
පොලිසිය ඇය සොයා යන විට ඇය සිහිසුන්ව නිවසේ සාලයේ වැටී සිටි බවත්, ඇගේ කකුලේ තුවාලයක පැසවා සැරව ගලමින් තිබුණු බවත් පොලිසිය කියයි. පසුව ප‍්‍රදේශවාසින්ගේ සහායෙන් මාවනැල්ල මූලික රෝහලට ඇතුලත් කර ප‍්‍රතිකාර කරමින් සිටියදි ඇය මිය ගිය බව පොලිසිය පවසයි.
මිය යන විට ඇගේ වයස අවුරුදු 60 කි.
ඇය පවුලේ සහෝදර සහෝදරියන් අතරින් 5 වැනි දරුවා වන අතර පවුලේ ගැහැණු දරුවන් සිව් දෙනෙකු සිටින බවත්, දෙමාපියන් මිය යෑමෙන් පසුව ඇය එම නිවසේ තනිවම ජීවත් වී ඇති බවත් කියති.
අසල්වාසි නිවාස වලට පැමිණ ඔවුන්ටද උදව් පදව් කරමින් සහෝරයන් 7 දෙනාගේ දරු මුනුබුරන් බලා කියා ගනිමින් අදායමක් සොයා ගැනීමට වට්ටි පැදුරු වියා විකිණු බවද ගම්වාසීහු පැවසූහ.
නිවසේ වැටී සිටි කාන්තාවට ගම්වැසියන්ගෙන්ද කෑම බිම පවා නොලැබුණේ එම නිවසට යෑම පවා ඉතා දුෂ්කරකාරියක් වූ හෙයිනි. දුගඳ හමන නිවසේ බිම වැටි කෑමක් බීමක් නොමැතිව සිටි කාන්තාව සම්බන්ධයෙන් ප‍්‍රදේශවාසින්ගේ ඉල්ලිමකට අනුව එම ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරි මහතා මාවනැල්ල පොලිසියේ ළමා කාන්තා කටයුතු කාර්යංශයට දැනුම් දී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
සහෝදරයන් 7කගේ ළමයින් බලා පාළු නිවසක තනිවෙයි