IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වව්නියාවේ පාසල් ළමුන් දෙදෙනෙකු පහරදුන්නැයි පොලීසියට එරෙහිව උද්ඝෝෂණයක්

( රොමේෂ් මධුෂංඛ සහ සිතුම් චතුරංග )


වව්නියාව කනගරායන්කුලම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලීසිය විසින් සැකකරුවන්ට හා පාසල් ළමුන් දෙදෙනෙකුට පහර දුන්නේ යැයි පවසමින් කනගරායන්කුලම් පොලීසියට එරෙහිව විරෝධතාවක් අද (11) උදෑසන කනගරායන්කුලම් ප්‍රදේශයේදී පැවත්වුණි.


කනගරායන්කුලම් පාසල ඉදිරිපිට පැවති මෙම විරෝධතාවය සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වූ ශිවසක්ති ආනන්දන් හා ශාන්ති ශ්‍රී ස්කන්ද රාසා මහත්මිය,  නියෝජිතයින් පිරිසක් සහ පාසල් ළමුන් මෙන්ම මව්පියන් ද සහභාගී වූහ.


කනගරායන්කුලම් පොලීසියේ ස්ථානාධිපති වරයා ඇතුලු නිලධාරීන් මානව හිමිකම් උල්ලංඝණය කරමින් සැකකරුවන්ට හා සැකකරුවන්ගේ ළමුන් වූ පාසල් ළමුන්ට පහර දී ඇති බවටත් මේ වන වට එම පාසල් ළමුන් රෝහලගත කර ඇති හෙයින් අදාල ස්ථානාධිපති වරයා ඇතුලු පිරිසට නීතිය ක්‍රියාත්මක කර වහාම එම නිලධාරීන් ස්ථාන මාරු කරන ලෙස ඉල්ලා ඔවුහු එලෙස උද්ඝෝෂණයේ නියැලී සිටිති.


නමුත් මේ සම්බන්ධයෙන්  කනගරායන්කුලම් පොලීසියෙන් විමසීමේදී කියා සිටියේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පමණක් අත්අඩංගුවට ගත් බවටත් පාසල් ළමුන්ට හො සැකකරුවෙකුට කිසිදු පහරදීමක් සිදු නොකළ බවත්ය.



අදහස් (0)

වව්නියාවේ පාසල් ළමුන් දෙදෙනෙකු පහරදුන්නැයි පොලීසියට එරෙහිව උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site