බෑනා බේරගන්න බොරු සාක්කි දුන් නැන්දම්මා හිරේට බෑනා බේරාගැනීමට බොරු සාක්ෂි දුන් නැන්දම්මාට වසරක සිරදඬුවමක් ලබා දෙන ලෙස කෑගල්ල මහ අධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේය. 11 September 2018
කේරල ගංජා සමඟ පේදුරුතුඩුව වෙරළ තීරයේදී තිදෙනෙක් අත්අඩංගුවට ඉන්දියාවේ සිට ගෙන එන ලද රුපියල් ලක්ෂ 120 කට අධික වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 118 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු හා යාත්‍රාවක් යාපනය පේදුරුතුඩුව වෙරළ තීරයේදී උතුරු නාවික විධානය විසින් අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 11 September 2018
අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ මුව දඩයමේ ගිය අයෙක් අත්අඩංගුවට පොලොන්නරුව අංගම්මැඩිල්ල ජාතික උද්‍යානයේ රඹැවැව ප්‍රදේශයෙදි දඩයම් කළ මුව පැටවුන් දෙදෙනෙකු ඉත්තෑවෙකු සහ බෝර 12 තුවක්කුවක් සමඟ එක් සැකකරුවෙකු අද (11) අලුයම අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජිවි කාර්යාලය කියයි. 11 September 2018
අරුවක්කාඩු කසල රඳවනයට හානි කළැයි ප්‍රා.සභා මන්ත්‍රී හා සැකකරුට ඇප වනාතවිල්ලුව - අරුවක්කාඩු කසල රඳවනයට කඩා වැදි හානි සිදු කළ බවට චෝදනා ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සහ අනෙක් සැකකරු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙක බැගින් වන පරිදි මුදා හැරීමට පුත්තලම මහේස්ත්‍රාත් ළහිරු එන් සිල්වා මහතා අද (10) නියෝග කළේය. 10 September 2018
අනුරාධපුර අඹ ගෙඩි නඩුව ඔක්තෝබර 02 විභාගයට අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් සොරකම් කළ බව සොරකම් කරන ලද එම අඔ ගෙඩි සන්තකයේ තබා ගත් බවට කාන්තාවකට එරෙහිව පවරා ඇති නඩුව ලබන ඔක්තෝබර් මස දෙවැනිදා විභාගයට ගැනීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 10 September 2018
ගින්නකින් අට්ටවිල්ලුවේ අක්කර 50ක් විනාශයි පුත්තලම අට්ටවිල්ලුව රක්ෂීතයේ අද සවස ඇතිවි ගිය ගින්නකින් අක්කර 50ක් විනාශ වි ඇති බව පුත්තලම පොලිසිය පවසයි. 10 September 2018
ජලය සොයා ආ මුවා මස් කරන්න ගිය පුද්ගලයෙක් සැකපිට පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේදී ජලය සොයා ආ මුවකු මදු උපයෝගි කර ගනිමින් මැරූ සැකකරුවකු අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි. 10 September 2018
දරුවන් 7ක් හැදූ මාපිය යුවළට වසර 40කට පසු ජනපති අතින් විවාහ සහතික අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් පරිපාලන ගොඩනැගිල්ල ජනතා අයිතියට කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (10), වසර 40 කට වැඩි කාලයක් අවිවාහකව දරුවන් හත් දෙනකු බිහිකළ මව්පිය යුවළක් නීත්‍යානුකූලව විවාහ කරවමින් විවාහ සහතිකය පිරිනැමීමට කටයුතු කළේය. 10 September 2018
අඩු බර සහල් ඇසුරුම් කළ ගබඩාවක් වටලයි අඩු බර ප්‍රමාණයෙන් යුත් සහල් සහ පැරණි සහල් ඇසුරුම් කරමින් සිටි වවුනියාව නෙලූක්කුලම ප්‍රදේශයේ වී ගබඩාවක් වැටලීමට වවුනියාව පාරිභෝගික සේවා අධිකාරිය අද (10) සමත්වූහ. 10 September 2018
රෝහල්හි වංචා දූෂණ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි සුව ඇමැතිගෙන් උපදෙස් රෝහල්වල සිදුවන වංචා දුෂණ සහ අකටයුතුකම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන්නැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන ඒකකයට උපදෙස් ලබා දී තිබේ. 10 September 2018
දුම්රිය විවේකාගාර ජාවාරමක් ගැන පැමිණිල්ලක් නානුඔය පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් විවේකාගාර ගොඩනැගිල්ලක් නීතිවිරෝධී ලෙස පිටස්තර පුද්ගලයකුට බදු දී ඇතැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානය දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට අද (10) පැමිණිලි කර ඇත. 10 September 2018
පෞද්ගලික ජල විදුලි බලාගරයක ඉදිකිරීම් නිසා කෙසෙල්ගමු ඔය අනතුරේ බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් එල්ටොප්ස් වතුයායේ ඉදිකෙරෙන පෞද්ගලික ජල විදුලි බලාගරයක ඉදි කිරිම් සදහා කපා ඉවත් කරන පස් කෙසෙල්ගමුඔයට මුදා හැරිම නිසා විශාල පරිසර හනියක් සිදු වෙමින් පවතින බව වතු කම්කරුවෝ පවසති. 10 September 2018
පෙම්වතුන්ගේ ජංගම දුරකතන- සල්ලි සොරාගන්නා කල්ලිය දෙන්නෙක් අත්අඩංගුවට ආදරවන්තයින්ගේ මුදල් හා ජංගම දුරකතන සොරා ගන්නා සංවිධානාත්මක කල්ලියක පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට ගලේවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 10 September 2018
දැදුරු ඔයෙන් වැලි පැටවු රියදුරෙකුට දඩ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොතකමින් දැදුරු ඔයෙන් වැලි කියුබ් එකක් පටවා ගෙන ගිය ට්‍රැක්ටර් රථ රියදුරෙකුට හලාවත දිසා විනිසුරු මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා විසින් රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවීමට නියම කර තිබේ. 10 September 2018
වැලිකන්දේ දුම්රිය මාර්ගය අසළ මිනිස් ඇටසැකිල්ලක් වැලිකන්ද නගරයට ආසන්නයේ පිහිටි දුම්රිය මාර්ගය අසළ තිබී අද (10) උදේ මිනිස් ඇටසැකිල්ලක් හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි. 10 September 2018
සේරුනුවර-කින්නියා හි මහවැලි ගඟේ බෝට්ටු ගිනි තැබුවන්ට නීතීය ක්‍රියාත්මක කරන්න සේරුනුවර සහ කින්නියා ප්‍රදේශවල මහවැලි ගඟේ නීත්‍යනුකූල වැලි කැනීමෙහි නිරතව සිටි ගැමි ජනතාව සතු වැලි ප්‍රවාහනය කළ බෝට්ටු හතළිහක් පමණ ගිනිතබා විනාශ කළ මහා පරිමාණ වැලි ජාවාරම්කරුවන්ට වහාම දඬුවම් ලබාදෙන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලීමක් කර සිටී. 10 September 2018
යාපනයේ කල්ලි දෙකක ප්‍රබලයන් සිව් දෙනකු බන්ධනාගාරයට යාපනය, නවාලි, අට්ටගිරි ප්‍රදේශයේ නිවාස හතරකට පහරදී අයිස්ක්‍රීම් වෙළඳාම සඳහා යොදාගත් වාහනයක් ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කල්ලි සාමාජිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය මානිප්පායි පොලිසිය පවසයි. 10 September 2018
ගලේවෙල ලූනු ගොවියා කබලෙන් ලිපට පසුගිය කන්නයේ දී වගාකළ ලොකු ලූනු බීජඇට රජයට ලබාදීමේ වැඩසටහනේ පැවති ගැටලු නිසා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලොකු ලූනු බීජ ගොවීහු දැඩි අපහසුතාවයට පත් ව සිටිති. 10 September 2018
සුපිරි වෙළඳසැළකට පැන රුපියල් 65,000 ක් කොල්ල කාලා සීමාසහිත ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ විජය කටුපත සුපිරි අලෙවිසැළට කඩා වැදී එහි සිටි දෙදෙනකුට පහර දී රුපියල් 65,000 ක මුදලක් කොල්ලකා පලා ගිය බව කියන අයකුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 10 September 2018
නෙදර්ලන්ත ජාතික තරුණියකට අතවර කළ සැකකරුවෙක් අත්අඩංගුවට කොග්ගල මුහුදු වෙරළේ දී 26 හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි. 10 September 2018
මහරගම නගර සභාවේ ගැටුමෙන් පොදු සේවා අඩාලයි මහරගම නගරසභාවේ උද්ගත වී ඇති සභාපති සේවක ගැටුමෙන් දින තුනක් තිස්සේ පොදු සේවාවන් මුළුමනින්ම ඇනහිට ඇතැයි වාර්තාවේ 09 September 2018
නේපාලයේ ලුම්බිණි නුවර සංරක්ෂණයට ශ්‍රී ලංකාවේ සහාය ගෞතම බුදුන් උපත ලැබූ නේපාලයේ ඓතිහාසික ලුම්බිණි නුවර සංරක්ෂණය කරන ලුම්බිණි ප්‍රධාන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නේපාලයට සහය දීමට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර සිටී. 09 September 2018
ලංකාවේ ප්‍රබල මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බැංකොක්හිදී අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ ශ්‍රී ලාංකික සැකකරුවෙකු බැංකොක් නුවර දී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට ‘‘ බැංකොක් පෝස්ට් ’’ පුවත්පත් වෙබ් අඩවිය වාර්තා කළේය. 09 September 2018
‘ඒකාබද්ධයේ උද්ඝෝෂකයින්ට විස කිරි දුන් අය අත්අඩංගුවට ගන්න’ ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණකරුවන්ට විස කිරි පැකට් දුන් අය වහාම අත්අඩංගුවට ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තුව මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 09 September 2018
එකම දිනයේ හමුදාවට බැදුණු නිවුන් සොයුරන්ට උසස්වීමක් එකම දිනයේ යුද හමුදාවට බැදුණු නිවුන් සොහොයුරන් දෙදෙනෙකු යුද හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට එකම දිනයේ මේජර් ජෙනරාල් නිළයට උසස්වීම් ලද බව යුද හමුදාව කියයි. 09 September 2018
බස්-ත්‍රිරෝද ගැටුමෙන් කතක් මරුට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට පල්ලිය අසළදී ලංගම බසයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ හැපීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් කාන්තාවක් මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි. 09 September 2018
උස්සන්ගොඩ කැලයේ දී මිතුරාගේ රන් අබරණ කොල්ලකෑ සිව් දෙනෙකු අත්අඩංගුවට හුංගම උස්සන්ගොඩ කැළයට ගිය තරුණියක් ඇතුළු තරුණයින් සිව් දෙනෙක් එක් තරුණයකුගේ රන් ආභරණ සියල්ලම හා තවත් තරුණයකුගේ ජංගම දුරකථනය කොල්ලකා පලා ගොස් ඇති බවට හුංගම පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි. 09 September 2018
මත්කුඩු සමඟ තිදෙනෙක් බත්තරමුල්ලේදී අත්අඩංගුවට මහාපරිමාණ මත් කුඩු ජාවාරම්කරුවකු වු ‘අත්තිඩිය මර්වින් ජානා‘ නැමැත්තා සහ තවත් පුද්ගලයින් තිදෙනකු ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් හොරායින් සමඟ බත්තරමුල්ලේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 09 September 2018
උතුරු මුහුදේ පා වෙමින් තිබු කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයා ගනී උතුරු මුහුදේදී නාවික හමුදාවට හමු වූ විශාලතම කේරල ගංජා තොගය කිලිනොච්චිය ඉරණතිව් මුහුදේ පාවෙමින් තිබියදී උතුරු මැද නාවික විධානයට අයත් නාවික යාත්‍රාවකට හමුවී ඇත. 09 September 2018
ගාල්ලේ සේවකයන් පිරිසක් විරෝධතාවක ගාල්ලේ කරාපිටියේ ඉදිවෙන මාතෘ රෝහලේ සේවයේ යොදවා සිටි ශ්‍රම සැපයුම් ආයතන දෙකකට අයත් කම්කරුවන් (මෑන් පවර් සේවකයන් ) පිරිසක් තමන් අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කර බව පවසමින් අද (08) දහවල් එම වැඩබිම ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. 08 September 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026