සුමතිපාල දීයගහගේ
කොග්ගල මුහුදු වෙරළේ දී 26 හැවිරිදි නෙදර්ලන්ත ජාතික තරුණියකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.
විවේකයක් ගත කිරිම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මෙම තරුණිය කොග්ගල ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියි.
එහි සිට කොග්ගල මුහුදු වෙරළේ ඇවිදිමින් සිටින විට එතැනට පැමිණි සැකකරු විදේශීය තරුණියට ලිංගික අතවර කරන විට ඇය කෑගසා තිබේ.
එවිට සැකකරු ත්‍රී රෝද රථයක නැගී පලා ගොස් ඇත. මේ පිළිබඳව එම තරුණිය විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. මොහු හබරාදුව නගරයේ ටයර් වෙළඳසැළක සේවකයකු බව අනාවරණය වී ඇත.
සැකකරු අද (10) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd