සිතුම් චතුරංග
අඩු බර ප‍්‍රමාණයෙන් යුත් සහල් සහ පැරණි සහල් ඇසුරුම් කරමින් සිටි වවුනියාව නෙලූක්කුලම ප‍්‍රදේශයේ වී ගබඩාවක් වැටලීමට වවුනියාව පාරිභෝගික සේවා අධිකාරිය අද (10) සමත්වූහ.
දින වෙනස් කර පැරණි සහල් අලෙවි කරන ස්ථානයක් පිළිබඳ වවුනියාව පරිභෝගික සේවා අධිකාරිය වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් මත සිදුකළ වැටලීමකදී සහල් තොගය සොයාගැනීමට හැකිව තිබේ.
වී ගබඩාව තුළ තිබී වෙනත් ප‍්‍රදේශයෙන් රැගෙන ආ පැරණි සහල් තොගයක් ද හමුවූ බවත් එම සහල් දින වෙනස්කර නැවත ඇසුරුම් කිරීමෙන් පසුව අලෙවි කිරීමට සකස් කරමින් තිබූ බව වවුනියාව පරිභෝගික සේවා අධිකාරිය පැවසීය.
වවුනියාව පාරිභෝගික සේවා අධිකාරියේ ස්ථාන භාර නිලධාරී එස්. නිලන්තන් මහතා පවසා සිටියේ විවිධ වෙළඳ නාමයන් යටතේ පැරණි සහල් ඇසුරුම් කර අදාළ වී ගබඩාවෙන් වෙළෙඳපොළ වෙත අලෙවි කර ඇති බවයි.
මෙම සහල් නිෂ්පාදන ක‍්‍රියාවලිය දීර්ඝ කාලයක සිට සිදුකර ගෙනවිත් ඇති බවද පැවසීය.
අත්අඩංගුවටගත් සහල් තොගය වවුනියාව මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඩු බර සහල් ඇසුරුම් කළ ගබඩාවක් වටලයි