IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුපිරි වෙළඳසැළකට පැන රුපියල් 65,000 ක් කොල්ල කාලා


ජුඩ් සමන්ත
 
සීමාසහිත ආරච්චිකට්ටුව විවිධ සේවා සමුපාකාර සමිතියේ විජය කටුපත සුපිරි අලෙවිසැළට කඩා වැදී එහි සිටි දෙදෙනකුට පහර දී රුපියල් 65,000 ක මුදලක් කොල්ලකා පලා ගිය බව කියන අයකුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදු කරන බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.


විජයකටුපත සුපිරි අලෙවිසැලේ සේවය කරන කළමණාකරු වන දේමුණි නොයෙල් ඉන්ද්‍රසිරි සිල්වා යන අය විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.


අවශ්‍යතාවයක් සඳහා තමන් සේවා ස්ථානයෙන් පිටව ගිය බවත්, තමන් එන තුරු හිතවතුන් දෙදෙනෙකු එම ස්ථානයේ රැදී සිටි බවත් පැමිණිලිකරු පොලීසිය හමුවේ පවසා ඇත.


එම කාලය තුළ සුපිරි අලෙවිසැළට පැමිණ ඇති අයෙකු තම මිතුරන් දෙදෙනාට පහර දී පලවා හැර එහි තිබූ මුදල් කොල්ලකා පලා ගොස් ඇති බවද පැමිණිලිකරු පොලීසිය හමුවේ පවසා ඇත.


කොල්ලය සිදු කර ඇත්තේ විජයකටුපත - බුරුතකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනා ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසිය පරික්ෂණ පවත්වයි.
 



අදහස් (0)

සුපිරි වෙළඳසැළකට පැන රුපියල් 65,000 ක් කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site