(කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ලේ කරාපිටියේ ඉදිවෙන මාතෘ රෝහලේ සේවයේ යොදවා සිටි ශ්‍රම සැපයුම් ආයතන දෙකකට අයත් කම්කරුවන් (මෑන් පවර් සේවකයන් ) පිරිසක් තමන් අසාධාරණ ලෙස සේවයෙන් ඉවත්කර බව පවසමින් අද (08) දහවල් එම වැඩබිම ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
මේ හේතුවෙන් මාතෘ රෝහලේ වැඩබිමට අවශ්‍ය සැපයුම් ද්‍රව්‍ය කොන්ක්‍රීට් යනාදිය රැගෙන ආ වාහනද වැඩබිම තුලට ඇතුළුවීමට නොහැකිව එහි වැඩ කටයුතු අකර්මන්‍ය විය.
මේ අවස්ථාවේදී ඉදිකිරීම් භාර සෙනොක් සමාගමේ පරිපාලන සාමාන්‍යාධිකාරි ලංකා කොඩිප්පිලි මහතා සහ පෝද්දල පොලිසියේ නිලධාරිහු සේවක උද්ඝෝෂණය පවතින ස්ථානයට පැමිණ ඔවුන් සමග සාකච්ඡා කළහ. මෙහිදී මෙම කරුණ පිළිබඳව කම්කරු දෙපාර්තමේන්තුවට සහ පොලීසියට පැමිණිලි කර විසඳුමක් ලබාගන්නා ලෙස උද්ඝෝෂකයන්ට දැන්වීමෙන් පසු ඔවුහු විසිර ගියහ.
මේ සම්බන්ධයෙන් සෙනොක් සාමාන්‍යාධිකාරි ලංකා කොඩිප්පිලි මහතාද මාධ්‍යයට අදහස් දැක්වීය. දෛනික වැටුප ලෙස එම ආයතනයට එක සේවකයෙක් වෙනුවෙන් සෙනොක් ආයතනය රුපියල් 2500/- 2700/- ක් ගෙවා තිබේ. නමුත් එම ආයතන මෙම එක් සේවකයෙකුට ගෙවා ඇත්තේ රුපියල් 1100/- ක් පමන බව දැනගන්නට ලැබිණි. සේවක අර්ථ සාධක අරමුදල් පවා ගෙවා නොමැති බවද වාර්තා වේ.
මේ පිරිස ගේට්ටු වසාගෙන උද්ඝෝෂණය කරන නිසා තමන් අපහසුතාවයට පත්වී තිබෙන බවත්, ඉදිකිරීම්වලට අවශ්‍ය කොන්ක්‍රීට් ආදිය ඇතුලට ගන්න නොහැකි වූ බවත් මෙන්ම මේ අයගේ ප්‍රශ්නය තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවැසීය.


2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ සේවකයන් පිරිසක් විරෝධතාවක