උපාලි ආනන්ද
අසල්වැසි නිවසකින් අඔ ගෙඩි 19ක් සොරකම් කළ බව සොරකම් කරන ලද එම අඔ ගෙඩි සන්තකයේ තබා ගත් බවට කාන්තාවකට එරෙහිව පවරා ඇති නඩුව ලබන ඔක්තෝබර් මස දෙවැනිදා විභාගයට ගැනීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය.
අඔ ගෙඩි 19 ක් සොකරම් කළ බවටත් සොරකම් කරන ලද එම අඔ ගෙඩි 19 සන්තකයේ තබා ගත් බවටත් පැමිණිල්ල විසින් තමන්ට එල්ල කර ඇති චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බව අධිකරණයට දැනුම් දුන් සැකකාර කාන්තාව තමන් නිවැරදිකරු බවද අධිකරණයට කීවාය.
තම ගෙවත්තේ ඇති අඔ ගසකින් අඔ ගෙඩි 19 ක් මෙම සැකකාර කාන්තාව සොරකම් කළ බවට අනුරාධපුර සාලියපුර ජයන්ති ග‍්‍රාමයේ අංක 46 ලිපිනයේ පදිංචි වෙරළදෙණියේ විදානලාගේ උදේණී පෙරේරා නැමැත්තිය අනුරාධපුර මූලස්ථාන පොලිසියට කර තිබූ පැමිණිල්ලකට අනුව සැකකාර කාන්තාව මීට පෙර අනුරාධපුර පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවාය.
මෙම පැමිණිල්ල පොලිසිය තුලදීම සමතයකට පත් කර ගන්නා ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරික්ෂක වාස් ගුනවර්ධණ මහතා පැමිණිලිකාර උදේනි පෙරේරා නැමැති කාන්තාවට මුල අවස්ථාවේ කරුනු පහදා දෙමින් යෝජනා කලද පැමිණිල්ල සමත කර ගැනීමට ඇය දැඩි ලෙස විරුද්ධත්වය පල කළ බව පොලිසිය කියයි.
පසුව සැකකාර කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරිමට පොලිසියට සිදු විය . සැකකාර කාන්තාව අනවසරයෙන් අසල ගෙවත්තකින් කඩා ගත් බවට සැක කෙරෙන අඔ ගෙඩි 19 ක් ද පොලිස් බාරයට ගෙන නඩු භාන්ඩ ලෙස ලේඛන ගත කර තිබිණි.
තමන් අනවසරයෙන් අඔ ගෙඩි 19ක් නොකැඩූ බවත් අඹ ව්‍යංජනයක් සඳහා තමන් අනවසරයෙන් කඩා ගනු ලැබුවේ අඹ ගෙඩි තුනක් පමණක් බවත් සැකකාර කාන්තාව සිය මුල් කටඋත්තරය මගින් පොලිසියට ප‍්‍රකාශ කරනු ලැබුවාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අනුරාධපුර අඹ ගෙඩි නඩුව ඔක්තෝබර 02 විභාගයට
mano Monday, 10 September 2018 05:03 PM
මෙවැනි භයානක අපරාධ වලට නඩු පවරා උපරිම දඬුවම් ලබා දිය යුතුයි. සර්ව සාධාරණ ශ්‍රී ලංකාව දියුණුවෙන් දියුණුවට යනු පෙනේ.
sanath Tuesday, 11 September 2018 05:29 AM
මෙතන හොර අඹ ගෙඩියට යටින් හොර ගල් අහුලපු කතාවක් තියෙනවා කියලයි මට හිතෙන්නේ.