IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෙම්වතුන්ගේ ජංගම දුරකතන- සල්ලි සොරාගන්නා කල්ලිය දෙන්නෙක් අත්අඩංගුවට

(කාංචන කුමාර ආරියදාස )


ආදරවන්තයින්ගේ මුදල් හා ජංගම දුරකතන සොරා ගන්නා සංවිධානාත්මක කල්ලියක පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට ගලේවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.


ගලේවෙල දේවහුව ජලාශය ආසන්නයේ පෙම්සුව විඳිමින් සිටි  යුවළකගෙන් ලැබුණු තොරතුරක් මත ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක්  කළ  පරීක්ෂණ අනුව  මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.


අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී දේවහුව ජලාශය ආසන්නයේ සිටි පෙම්වත් යුවළක් සතු රුපියල් 500ක මුදල් සහ ඔවුන්ගේ ජංගම දුරකථනය සොරා ගෙන තිබී සොයා ගත් බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග  ප්‍රනාන්දු මහතා පැවසීය.


රජයේ නිවාඩු දිනයන්හිදී ගලේවෙල, දඹුල්ල, සීගිරිය ආදී ප්‍රදේශවල පෙම්වතුන් සිටින ස්ථානවල රැඳී සිටිමින් ඔවුන් බියගන්වා මෙසේ මුදල් පැහැරගැනීම කාලයක සිට සිදුකර ඇතැයි වාර්තා වේ. 

ඇතැම් අවස්ථාවලදී මොවුන් සිවිල් පොලිස් නිලධාරීන් ලෙස පෙනීසිටිමින් හොර රහසේ පෙම් සුව විඳීමට නිවෙස් වලට පැමිණෙන ජෝඩු බියගන්වා ඔවුන් සතු රන් මාල, මිල මුදල් සහ ජංගම දුරකතන පැහැරගැනීමේ ජාවාරමක නිරතව ඇති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙවැනි සිදුවීම් රැසක් පසුගිය දිනවල සීගිරිය මෙන්ම දඹුල්ල පොලිස් බල ප්‍රදේශයන්හිදී ද වාර්තා විණි.

 
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ගලේවෙල මාදිපොල ප්‍රදේශයේ සහ සියඹලාගස්වල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.


දේවහුව ජලාශයේ නිවාඩු දිනයන්හිදී උපකාරක පන්ති යන මුවාවෙන් පෙම් සුව විඳීම සඳහා විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවත් දෙමව්පියන් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කොට තම දරුවන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිති.


මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා, මුදල් සහ ජංගම දුරකථන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කියයි.


ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග  ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

පෙම්වතුන්ගේ ජංගම දුරකතන- සල්ලි සොරාගන්නා කල්ලිය දෙන්නෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site