IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


එකම දිනයේ හමුදාවට බැදුණු නිවුන් සොයුරන්ට උසස්වීමක්


 
 
ඉන්දිකා රාමනායක

 
එකම දිනයේ යුද හමුදාවට බැදුණු නිවුන් සොහොයුරන් දෙදෙනෙකු  යුද හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එකම දිනයේ මේජර් ජෙනරාල් නිළයට උසස්වීම් ලද බව යුද හමුදාව කියයි.


නිවුස් සොහොයුරන් දෙදෙනෙකු එකම දිනයේ යුද හමුදාවට බැදි එකම දිනයේ මේජර් ජෙනරාල්වරුන් වශයෙන් උසස් ලැබුවේ  යුද හමුදා ඉතිහාසයේ ප‍්‍රථම අවස්ථාව බව යුද හමුද මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.


මොවුන් දෙදෙනාගේ 53 වැනි උපන්දිනය යෙදුණූ දිනම මෙම උසස්වීම් ලැබීම ද විශේෂ සිද්ධියක් බවද  යුද හමුදාව සඳහන් කරයි.


මෙලෙස උසස්වීම් ලැබු නිවුස් සොහොයුරන් වනුයේ මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ සේනා විධායක ජයන්ත සෙනවිරත්න හා යුද හමුදා තත්ත්ව ආරක්ෂක හා පිරික්සුම් අධ්‍යක්ෂ පූරක සෙනවිරත්න යන දෙදෙනාය.


ජනසීහ සෙනවිරත්න මහතාට හා ලීලා සෙනවිරත්න මහත්මියට දාව 1965.09.06 දින රත්නපුර මහ රෝහලේ දී උපත ලබා ඇති ජයන්ත හා පූරක   සොහොයුරන් රත්නපුර මහරෝහලේ දී උපත ලබා ඇත.


පෙර පාසලේ සිටම අපොස උසස් පෙළ දක්වාම මෙම නිවුස් හොහොයුරන් එකම පන්තියේ ඉගෙනුම ලබා ඇති අතර මුලින්ම රත්නපුර සීවලී විද්‍යාලයේ ප‍්‍රාථමික අධ්‍යාපනය ලබා පසුව හිදැල්ලන සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා ඇත්තේ ද එකම පන්තියේය.


සාමාන්‍ය පෙළ  විභායෙන්  එකම  ප‍්‍රතිඵල දෙදෙනාම ලබාගෙන දෙදෙනාම ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට එහිදී ද එකම ප‍්‍රතිඵල ලබාගෙන ඇත.


උසස් අධ්‍යාපනයෙන් පසු සොහොයරන් දෙදෙනාම යුද හමුදාවට බැදීමට තීරණය කර 1985.11.01 දින පාඨමාලා අංක 21 යටතේ කෙඩෙට් නිලධාරීන් වශයෙන් යුද හමුදාවට බැදී ඇත.


දියතලාව විද්‍යා පීඨයේ මසක පමණ පුහුණුවකින් පසු මෙම නිවුන් සොහොයුරන් දෙදෙනා වැඩිදුර පුහුණු සදහා පාකිස්ථානය බලා  පිටත් වන අතර අතර 1986.7.24 වැනි දින පාකිස්ථානයේ දී පුහුණුව නිමාකර දෙදෙනාම විසිර යාමෙන් පසු එකට පාසල් ගිය, එකට යුද හමුදාවට බැදුණු සොහොයුරන් දෙදෙනා කෙඩෙට් පුහුණුව අවසන් කිරීමෙන් පසු යුද හමුදා ඒකක දෙකක් වෙත අනුයුක්ත කර ඇති අතර ජයන්ත සෙනවිරත්න සිංහ රෙජිමේන්තුවටත්, පූරක සෙනවිරත්න සංඥා බලකායටත් අනුයුක්ත කර තිබුණි.


‘‘ බලවේගය 1, වන්නි වික‍්‍රම යන මෙහෙයුම් වලය දෙදෙනා සම්බන්ධ වී ඇති අතර යුද්ධයේ උච්චතම අවස්ථාවල දී මෙම හොහොයුරන් දෙදෙනා වැඩි වශයෙන් සේවය කළේ මෙහෙයුම් කලාපවල බව හමුදාව කියයි. 



අදහස් (0)

එකම දිනයේ හමුදාවට බැදුණු නිවුන් සොයුරන්ට උසස්වීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site