මීගහකිවුල බීරගහඅරාව රක්ෂිතයේ ගින්නක් මෙහි ජල රක්ෂිත කීපයක්ම පිහිටා ඇති අතර කහට , නෙල්ලි, ඇඹුල් පේර ආදී ස්වාභාවික ගහ කොළ රැසක් වැවී ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. 06 September 2018
අත් බෝම්බයක් පිපිරී පුද්ගලයෙක්ට තුවාල වාද්දුව- මොල්ලිගොඩ මහා විහාර පාරේ ව්‍යාපාරික නිවසක මුළුතැන්ගෙය වහළයේ උලු කැට ඉවත් කරමින් අලුත්වැඩියා කටයුත්තක නිරතව සිටි පුද්ගලයකු ජීව අත්බෝම්බයක් පිපිරීයාමෙන් බරපතල තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බව වාද්දුව පොලිසිය කියයි. 06 September 2018
යාපනයේ ස්ථාන තුනකදී ගෙවල් 5 කට ආවා කල්ලිය පහර දෙයි යාපනයේ ස්ථාන 3 කදී අද (6) උදෑසන ආවා කල්ලිය විසින් නිවාස 5 කට පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස අලාභ හානි ද සිදුව ඇතැයි ප්‍රදේශයන් බාර පොලිසිය කියයි. 06 September 2018
සබරගමු සරසවි සිසුහු නිහඬ විරෝධතාවක සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ සිසු ස්මාරකයක් ඉදිකිරීමට එරෙහිව පාලන අධිකාරිය මගින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එම නඩු දිනය වූ අද ( 60) බළන්ගොඩ උසාවිය ආසන්නයේ පොලිසිය ඉදිරිපිට මේ වන විට නිහඬ විරෝධතාවක නිරතවෙමින් සිටිති. 06 September 2018
අතුරුදන් වු අයෙකුගේ අස්ථි කොටස් අ’පුර කැළයකින් හමුවෙයි මිට මාස කිහිපයකට පෙර අතුරුදන් වු පුද්ගලයකුට අයත් බවට සැකකරන අස්ථි කොටස් කිහිපයක් අනුරාධපුර අශෝකපුර කැළයක් තුළදී හමුවු බව අනුරාධපුර පොලිසිය කියයි. 06 September 2018
රුහුණේ ලංගම බස් වර්ජනයෙන් ලක්ෂ 300ක් පාඩු වෙලා රුහුණු ප්‍රදේශිකයට අයත් ශ්‍රි ලංගම ඩිපෝවල සේවකයින් කරනු ලැබු වර්ජනය හේතුවෙන් රුපියල් ලක්ෂ 300ක් පමණ පාඩුවක් රුහුණු ප්‍රා දේශිකයට සිදුවි ඇති බව ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලයේ රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකරු ඩබ්ලිව් ඩි.වසන්ත මහතා පවසයි. 06 September 2018
නැ’හිර ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නියාමනය කරන්න යයි නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්ත ආශ්රිත ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන ලියාපදිංචි කර ඒවා නියාමනය කිරිම තම දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන බව පළාත් දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව කියයි. 06 September 2018
ආහාර විස වී වටවල ළමයින් 20 දෙනකු රෝහලේ ආහාර විස වී ආසාද්මිකතාවයක් ඇතිවීම හේතුවෙන් වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ ළමුන් 65 දෙනකුගෙන් ළමුන් 17 දෙනෙකු වටවල රෝහලේත් තවත් ළමුන් තිදෙනකු නාවලපිටිය මුලික රෝහලේත් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වටවල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි සනත් පෙරේරා මහතා පැවසීය. 06 September 2018
නව යුවළ ගමන් ගත් මංගල රථය අනතුරකට නව යුවළක් ගමන් ගත් මංගල රථයක් බන්ඩාරගම මැදගම ප්‍රදේශයේදී අද (5) අනතුරට පත් වීමෙන් එම යුවල ඇතුළු තවත් දෙදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව බන්ඩාරගම පොලිසිය කියයි. 05 September 2018
වෙළඳසල් පරිපාලකයාට කිනිස්සෙන් ඇන්න වරිපනම් නිලධරයා අත්අඩංගුවට බහින් බස් වීමක් දුරදිග යාමෙන් පසුව මතුගම ප්‍රාදේශීය සභාව තුළදී වෙළඳසල් පරිපාලකවරයාට කිනිස්සකින් ඇණ බරපතල තුවාල සිදු කළ වරිපනම් නිලධාරියා අත්අඩංගුවට ගත් බව මතුගම පොලිසිය කියයි. තුවාල ලද වෙළඳසල් පරිපාලකයා වෑත්තෑව රෝහලට ඇතුළත් කර ඇත. 05 September 2018
සොරා ගත් වාහනවල එන්ජින් අංක වෙනස් කළ දෙදෙනක් අල්ලයි සොරාගත් වාහන වලට ව්‍යාජ අයුරින් චැසි හා එන්ජින් අංක ගසන ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනකු පිලියන්දල මකුලුදූව නිවසකදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 05 September 2018
පිටකන්ද වත්තේ තේ දළු නෙළමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරයක් මාතලේ පිටකන්ද තේ වතු යායේ තේ දළු නෙළමින් සිටි පිරිසකට අද (5) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව සිව්දෙනකු මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචිමාර්ග කියයි. 05 September 2018
වගා හානි වළක්වන්න ගත් ක්‍රියාමාර්ග ගැන වාර්තාවක් ඉල්ලයි වන සතුන්ගෙන් වගාවන්ට වන හානිය වැළැක්වීම සඳහා මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව වාර්තාවක් මාසයක් ඇතුළත තමාට ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ. 05 September 2018
කොටි වළ දැමු රන් සෙවූ පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට කොටි සංවිධානය විසින් මුලතිව් , පුදුකුඩිරිප්පු , ආනන්දපුරම් හි වළදමා තිබෙන බවට රත්‍රං සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයින් හත්දෙනකු අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි. 05 September 2018
කැස්බෑ මස් ළඟ තබා ගෙන සිටි සැකකරුවෙකුට 40,000 ක දඩයක් කැස්බෑ මස් කිලෝ 3 යි ග්‍රෑම් 500 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකුට රුපියල් 40,000 දඩ මුදලක් පුත්තලම මහේස්ත්‍රාත් නිර්මාල් ද සිල්වා මහතා අද (4) නියම කළේය. 04 September 2018
කටුනායකින් අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර විදේශීය නිෂ්පාදිත බ්‍රවුනින් වර්ගයේ පිස්තෝලයක් සහ ඊට යොදන උණ්ඩ 3 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු පැය 48 ක් රඳවා විමර්ශන සිදුකිරිම සඳහා මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ශිලනි චතුරන්ති මහත්මිය කටුනායක පොලිසියට අද (4) අවසර ලබාදුන්නාය. 04 September 2018
මුන්දලම වෙඩි තැබීමේ සැකකරුවන් රිමාන්ඩ් මුන්දලම - මංගලඑළිය ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමකින් දෙදරු පියෙකු මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස නියෝග කළේය. 04 September 2018
පෙරියආරු ගඟේ පාසි ඉවත්කරද්දී තවත් අලියකුගේ ගාත් හමුවෙයි ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ පෙරියආරු ගඟේ තුම්මෝදර ප්‍රදේශයේ දී අලි 7දෙනෙකු දියේ ගිලී මරණයට පත්වීමත් සමඟ එහි පාසි ඉවත් කිරීමේ කටයුතුවල යෙදුණු වනජීවී නිලධාරීන්ට අද (04) දින දහවල් 2.00 පමණ තවත් අලියෙකුගේ පසුපස ගාත් දෙක පමණක් හමු වූ බව පොළොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. 04 September 2018
රට වටා ගම්මාන 130 ක් ඉදිකිරිම හෙට අරඹයි රාජපක්ෂ කල්ලිය විසින් ජනතාව පාරට ඇද දමන්නට උත්සහ කරන හෙට (5) යහපාලන රජය ජනතාව වෙනුවෙන් රට වටා ගම්මාන 130 ක් ඉදිකිරිම ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 04 September 2018
දේශිය අර්තාපල් සඳහා ස්ථාවර මිලක් ඉල්ලා වැලිමඩ ගොවීහු පාරට බසිති දේශීය අර්තාපල් සදහා රුපියල් සියයක ස්ථාවර මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් වැලිමඩ හා ඌවපරණගම අර්තාපල් ගොවීහු අද (04) දහවල් වැලිමඩ නගරයේදී උද්ඝෝෂණයක නිරතවූහ. 04 September 2018
නිධන් හෑරු සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට නිධානයක් ගැනීම සඳහා යාග හෝම පවත්වමින් සිටි සහෝදරයන් දෙදෙනකු පේරාදෙණිය පොලිසිය විසින් අද (4) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 04 September 2018
දික්ඔය රෝහලේ ආඝාත පුනරුත්ථාතාපන ඒකකයක් විවෘත කෙරේ වතුකරයේ අංශභාග රෝගියෙන් පෙලෙන රෝගින් පුනරුත්ථාපනය කිරිම සදහා දික්ඔය මුලික රෝහලේ ආඝාද පුනරුත්ථාතාපන ඒකකය අද (04) පිහිටුවීය. 04 September 2018
රට වටා ගම්මාන 130 ක් ඉදිකිරිම හෙට අරඹයි රාජපක්ෂ කල්ලිය විසින් ජනතාව පාරට ඇද දමන්නට උත්සහ කරන හෙට (5) යහපාලන රජය ජනතාව වෙනුවෙන් රට වටා ගම්මාන 130 ක් ඉදිකිරිම ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 04 September 2018
මළ ගෙදර ගැටුමින් දෙදෙනකු රෝහලේ අවමඟුල් උත්සවයක් පැවැත්වෙන නිවසක ඥාති දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනෙකු අද (04) උදැසන බදුල්ල මහ රෝහලට ඇළත් කර ඇතැයි පොලීසිය පවසයි. 04 September 2018
නිධන් ගන්න ගිය හයක් ආණමඩුවේදී අත්අඩංගුවට ආණමඩුව උප්පලවත්ත ප්‍රදේශයේ ඉපැරණි ස්ථානයක් බව සැලකෙන භුමියක නිධන් ලබා ගැනීම සඳහා කැනීම් කරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු සමඟ එම ස්ථානයේ තිබු ලක්ෂ 30 කට වැඩි උපකරණ තොගයක් අද (04) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලීසය පවසයි. 04 September 2018
වර්ජනය මැද ධාවනය වු ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකට යාපනය අච්චුවේලි ප්‍රදේශයේ දී අද (4) ගල් ප්‍රහාරයක් එල්ල වී ඇති බවට අච්චුවේලි පොලීසිය පවසයි. 04 September 2018
වියානා ඇලේ ආරක්ෂක වැටේ ඉදිකිරිම් අවසන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් මත ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගය අතරතුර පිහිටි මහවැලි මහ ඇලේ වියානා ඇල ආරක්ෂක වැටේ ඉදිකිරිම් කටයුතු මේ වන විට මුළුමණින්ම අවසන් කර ඇතැයි මහියංගණ ප්‍රාදේශීය විධායක ඉංජිනේරු ඒ ලිංගේෂ්වරන් මහතා පැවැසීය. 04 September 2018
වගා ළිඳට වැටී ගොඩගත් අලි පැටවා වනජිවීයට බාරදෙයි කන්තලේ වාන්ඇල ප්‍රදේශයේ දිවුල්ගස් වැව වගා ළිඳකට වැටුණු අලි පැටවකු ගොඩගත් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකය එම අලි පැටවාගේ මව සොයාගැනීමට නොහැකි වීම නිසා අද (4) උදෑසන ගිරිතලේ පිහිටි වනජිවි පශු වෛද්‍ය ඒකකයට බාරදෙනු ලැබීය. 04 September 2018
ඌව පළාත් අතුරු වෛද්‍ය සේවය අඛණ්ඩ වර්ජනයක පොදු ඉල්ලීම් 06 ක් මුල්කරගෙන ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හෙද පරිපූරක අතුරුවෛද්‍ය යන සේවාවන්ට අයත් සියළු වෘත්තීයවේදීන් අද (04) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ඇරැඹිමට පියවර ගෙන තිබේ. 04 September 2018
පාතාල කල්ලි සාමාජිකයෙකු සමඟ ගිනි අවියක් කටුනායකදී අත්අඩංගුවට මිනුවන්ගොඩ - හීනටියන ප්‍රදේශයේ පදිංචිව සිටි පාතාල කල්ලි නායකයෙකු සතුව පැවති ’’ බ්‍රවුනින් ’’ වර්ගයේ පිස්තෝලයක් , මැගසින් එකක් සහ මිලි මීටර් 9 වර්ගයේ ජීව උණ්ඩ 03 ක් සමඟ ඒවා ලග තබාගෙන සිටි එම ප්‍රදේශයේ පදිංචි පාතාල කල්ලි සාමාජිකයෙකු ද අද (3) රාත්‍රී කටුනායක පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ. 03 September 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026