(සිතුම් චතුරංග)
කොටි සංවිධානය විසින් මුලතිව් , පුදුකුඩිරිප්පු , ආනන්දපුරම් හි වළදමා තිබෙන බවට රත‍්‍රං සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයින් හත්දෙනකු අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි.
පුජාවන් පවත්වමින් එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා ඇතැයි කියන රත‍්‍රං සොයා කැණීම් කරන පිරිසක් පිළිබඳ පුදුකුඩිරිප්පු පොලිස් ස්ථානය වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් විසින් රත‍්‍රං සොයා කැණීම් කළ උළුද , සවල් හා පූජා භාණ්ඩ ඇතුළු උපකරණ තොගයක්ද පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.
ආනන්දපුරම් හි නිවසක් අසළ තවත් නිවසක් ඉදිකිරීම සඳහා අත්තිවාරම කපන මුවාවෙන් මෙම කැණීම් සිදුර ඇතැයිද පොලීසිය සඳහන් කරයි.
පොලිසිය පැවසූයේ පසුගිය යුද සමයේ පලායන කොටි ත‍්‍රස්තවාදීන් සිවිල් වැසියන්ගෙන් කොල්ලකෑ රන්භාණ්ඩ , මහවිරු පවුල් වල සමාජිකයින්ගේ සහ ත‍්‍රස්තවාදීන්ගේ බැංකු තුල තිබූ රත‍්‍රං අදාල ස්ථානයේ වළදමා ඇති බවට තිබෙන සැකයක් මත මෙම කැණීම් සිදු කර තිබේ.
අත්අඩංගුවටගත් සැකකරුවන් මාතර, කල්පිටිය, මන්නාරම හා පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.


2025 දෙසැම්බර් මස 18
387
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටි වළ දැමු රන් සෙවූ පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට