ලෝක පොල් වගා කිරිමේ දිනයට කතානායකගෙනුත් පැළයක් ලෝක පොල් වගා කිරීමේ දිනය නිමිත්තෙන් කතානායක කරු ජයසූරිය මහතා අද (2) පාර්ලිමේන්තු පරිශ්‍රයෙහි පොල් පැළයක් රෝපණය කළේය. 02 September 2018
ගල් ඉබ්බන් විකුණන්න ගිය දෙදෙනක් අල්ලයි රා තැබෑරුම්කරුවන්ට විකිණීම සඳහා පණ පිටින් රැගෙන යමින් සිටි ගල් ඉබ්බන් හත් දෙනෙකු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 02 September 2018
අ’පුරේ වැව් 3324 ක් හිදිලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වැව් 3324 ක් මේ වන විට සම්පුර්ණයෙන් සිදී ගොස් ඇතැයි වාරිමාර්ග ඉංජිනේරුවරු පවසති. 02 September 2018
ඒ - 9 මාර්ගයේ අනතුරකින් 9 කට තුවාල යාපනය - නුවර ඒ නවය මාර්ගයේ මාන්කුලම් හීදි අද (2) අලූයම නවතා තිබූ ස්කැමල් වර්ගයේ ලොරි රථයක වෑන් රථයක් ගැටී පුද්ගලයින් නව දෙනකු තුවාල ලබා කිලිනොච්චි රෝහල වෙත ඇතුළත් කර ඇති බව මාන්කුලම් පොලිසිය පවසයි. 02 September 2018
එප්පාවල වැවේ දිය නෑමට ගිය ගුරුවරයෙක් මරුට එප්පාවල තම්මැට්ටාව වැවේ දිය නෑමට ගිය ගුරුවරයකුගේ මළ සිරුරක් පාවෙමින් තිබියදී අද (2) සොයා ගත් බව එප්පාවල පොලීසිය පවසයි. 02 September 2018
ඇඟලුම් කම්හලේ කතගේ ඝාතනයට ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට කිලිනොච්චිය,අරවියල් නගර් ඇඟලූම් කර්මාන්ත ශාලාවේ ආරක්ෂක නිලධාරිනිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම කර්මාන්ත ශාලාවේ තවත් ආරක්ෂක නිලධාරියකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 02 September 2018
නිසි මිලක් නැතැයි ගලේවෙල තක්කාලි ගොවීහු මැසිවිලි නගති ගලේවෙල ප්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ තක්කාලි ගොවින්ට සිය අස්වනු වලට නිසි මිලක් නොමැති නිසා ඉදිරියේදි සිය අස්වනු නෙලිමෙන් ඉවත් වි සිටින බව තක්කාලි ගොවීහු පවසති. 02 September 2018
යතුරුපැදි - වෑන් රථ අනතුරින් තරුණයෙක් මරුට මාතලේ හන්දියේ දී යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 21 හැවිරිදි යතුරුපැදිකරු මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි. 02 September 2018
යතුරුපැදි - වෑන් රථ අනතුරින් තරුණයෙක් මරුට මාතලේ හන්දියේ දී යතුරුපැදියක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් 21 හැවිරිදි යතුරුපැදිකරු මියගිය බව අනුරාධපුර පොලිසිය කියයි. 02 September 2018
සබරගමුවේ ගුරු පුරප්පාඩු 630 කට දසදහස ඉක්මවා අයදුම්පත් සබරගමු පළාතේ පාසල්වල පවතින උපාධිධාරී ගුරු පත්වීම් පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා පසුගිය මාසයේ අයදුම්පත් කැඳවීම් කර ඇති අතර ඒ සඳහා අයදුම්පත් දස දහස ඉක්මවා අයදුම්පත් ලැබී ඇති බව සබරගමුව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද සනත් වීරසූරිය මහතා පවසයි. 02 September 2018
ඉඩම් ආරවුලක් බේරන්න ගිය කාන්තාවක් මරුට ඉඩමක් සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් බේරීමට මැදි වූ 78 හැවිරිදි තිදරු මවක් පිහි පහරකින් මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි. 02 September 2018
රිදීමාලියද්දේ ගින්නක් රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දික්යාය ගම්මානයට ඉහළින් පිහිටි කඳු වැටියට කිසියම් පිරිසක් ඊයේ (1) සවස ගිනි තබා ඇති අතර රාත්‍රී 9.30 පමණ වන විටත් ගින්න පැතිර යමින් පැවැතිණ. 02 September 2018
බඹර ප්‍රහාරයෙන් සිව්දෙනෙකුට තුවාල මහනුවර සිට රන්දෙණිගල මාර්ගය ඔස්සේ යතුරු පැදියකින් බදුල්ල බලා ගමන් ගනිමින් සිටි දරුවන් දෙදෙනෙකු හා ඔවුන්ගේ දෙමාපියන් අද (01) සවස 5.00 ට පමණ එම මාර්ගයේ රන්දෙණනිගල ප්‍රදේශයේදී බඹර රංචුවක් දෂ්ඨ කිරීම හේතුවෙන් කන්දෙකැටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත 01 September 2018
මත්කුඩු සමග බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට මත්කුඩු මිලිග්රැම් 40ක් සමග බන්ධනාගාර නියාමකවරයෙකු අද (01) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බැව් අක්මිමන පොලිසිය පවසයි. 01 September 2018
ට්‍රක් - වෑන් අනතුරින් දෙදෙනෙකු මරුට වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල පාසල අසලදී ගුවන් හමුදා ට්‍රක් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ගුවන්හමුදා නිලධාරීන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මොනරාගල සිරිගල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි කුඩාඔය පොලීසිය පවසයි. 01 September 2018
ශ්‍රී ලංගම ඩිපෝ පහක සේවකයින් වැඩ වර්ජනයක ඉල්ලිම් කිහිපයක් මුල්කරගනිමින් ආරම්භකොට ඇති වැඩ වර්ජනය සඳහා මේ වනවිට දකුණු පළාතේ ශ්‍රි ලංගම ඩිපෝ පහක සේවකයෝ එක්ව සිටිති. 01 September 2018
34 වැනි රණවිරු සැමරුම් උත්සවය අම්පාරේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ 34 වැනි රණවිරු සැමරැම් උත්සවය අම්පාර පොලිස් විශේෂ කාර්ය මුලස්ථානයේදි පවත්වනු ලැබිය . 01 September 2018
කාන්තාවක ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 01 September 2018
රිය අනතුරු අවම කිරීමට වැඩපිළිවෙළක් අපේ රටේ වසරකට රිය අනතුරුවලින් මිය යන සංඛ්‍යාව 2020 දි හරි අඩකින් අඩුකරගත යුතු බවට ඒ.ජා.සංවිධානය මගින් ඉලක්කයක් ලබා දි ඇතත් 2020 දි රිය අනතුරුවලින් සිදුවන මරණ සංඛාව 3500දක්වා වැඩිවිය හැකි බැව් රුහුණු වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි හා ශ්‍රි ලංකා වෛද සංගමයේ මාර්ග අනතුරු පිළිබද කමිටුවේ සම සභාපති යූ.සී.පී. පෙරේරා මහතා පවසයි. 01 September 2018
පොල්ලකින් පහර කා මරුට පොලොන්නරුව, දිඹුලාගල, නවමිල්ලාන ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලකින් පසුව පොල්ලකින් පහරකෑ අයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව අද (01) අලුයම මියගොස් ඇතැයිඅරලගංවිල පොලීසිය කියයි. 01 September 2018
පොලිස් දිනයේ මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරිමේ වැඩසටහනක් මේ මස 03වැනිදාට යෙදුණු 152 වැනි පොලිස් දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව හැටන් ප්‍රදේශයේ ජනතාව සහ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් නගර මධ්‍යයෙන් අද (01) සිදුවිය. 01 September 2018
දිගම්පතහ රජයේ රක්ෂිතයට ගිනිතියති දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ රජයේ රක්ෂිතද යම්කිසි පිරිසක් ඊයේ (31) දින රාත්‍රියේ ගිනි තබා විනාශ කොට තිබේ. 01 September 2018
අ’පුරේත් කුඹුක් සංහාරයක් අනුරාධපුර පූජා නගරය මැදින් ගලා යන හාල්පානු ඇල දෙපස හා ඇල මැද පිහිටි කුඹුක් ගස් රාශියක් ගංවතුර පාලනය සඳහා යැයි පවසමින් මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය මගින් ඉවත් කිරීමට කටයුතු යොදමින් සිටින බවට පරිසරවේදීහු පවසති. 31 August 2018
ගාල්ලේ ලංගම බස් වර්ජනයක් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගාල්ල ඩිපෝවේ සමස්ත සේවකයන් විසින් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් මේ වනවිට ගාල්ල ඩිපෝවෙන් ධාවනය වන කිසිදු බස් රථයක් ධාවනය නොවන බව වර්ජනයේ නිරත සේවකයන් ලංකාදීපයට පැවසීය. 31 August 2018
කිලිනොච්චියේ ගැබිණි මව්වරුන් පිරිසක් විරෝධතාවක කිලිනොච්චිය, මහ රෝහල වෙත ප්‍රසව හා නාරි ශෛල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු නොමැතිවීම හේතුවෙන් ගැබිණි මව්වරුන් මුහුණ දෙන ගැටළුවලට විසඳුම් ඉල්ලා අද (31) කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ගැබිණි මව්වරුන් පිරිසක් කිලිනොච්චිය මහ රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 31 August 2018
ලක්ෂ 26 ක හෙරොයින් සමඟ අයෙක් දැලේ මිනුවන්ගොඩ මාකම්මන ගම්මැද්දපාර හන්දිය අසළ දී රුපියල් විසි හය ලක්ෂයක හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 31 August 2018
වවුනියාවේ වැවක් පිළිසකර කරන විට බෝම්බයක් හමුවෙයි වවුනියාව මඩුකන්ද වැව පිළිසකර කරන ලද පිරිසකට මඩ යට තිබූ අත්බෝම්බයක් හමුවී ඇති බව මඩුකන්ද පොලීසිය පවසයි. 31 August 2018
පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරූ අයෙක් අත්අඩංගුවට ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිටුපස මුහුදේ පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් මරන ලද පුද්ගලයෙකු අද දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. 31 August 2018
හොරොව්පොතානේ සැඩ සුළඟින් නිවාස 10 කට හානි හොරොව්පොතාන පලුකෙටුවැව රස්නකවැව 118 ග්‍රාම සේවක තුලානට ඇද හැළුණු අධික වර්ෂාවත් සමඟ ඇති වු සැඩ සුළඟින් නිවාස 10 කට පමණ හානි සිදුව තිබේ. 31 August 2018
ඌව පළාත් අතුරු වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හෙද පරිපූරක අතුරු වෛද්‍ය යන සියලු වෘත්තීයවේදීන් හිඟ අතිකාල දීමනා නොගෙවීම, ගමන් වියදම් නොගෙවීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් හයක් මුල් කරගනිමින් සැප්තැම්බර් 04 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඌව පළාත් හෙද පරිපූරක අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ. 31 August 2018
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026