IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


යාපනයේ ස්ථාන තුනකදී ගෙවල් 5 කට ආවා කල්ලිය පහර දෙයි


 
රොමේෂ් මධුෂංඛ

 
යාපනයේ ස්ථාන 3 කදී අද (6) උදෑසන ආවා කල්ලිය විසින් නිවාස 5 කට පහරදීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස අලාභ හානි ද සිදුව ඇතැයි ප්‍රදේශයන් බාර පොලිසිය කියයි.


යාපනය කෝපායි පොලිස් වසමට අයත් කෝපායි දකුණ කොණ්ඩාවිල් පාරේ පදිංචි 36 හැවිරිදි ජෙයරත්නම් ජූඩ් ස්ටැන්ලි නැමත්තාගේ නිවසට අලුයම පළමු ප්‍රහාරය එල්ල වී ඇති අතර  එම ප්‍රහාරයෙන් නිවසේ දේපල හානි සිදුව තිබේ. 


දෙවැනි ප්‍රහාරය අද අලුයම එල්ල වී ඇත්තේ කෝපායි ආදිපාදම් වීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි  පද්මරාසා සජීවන් නැමත්තාගේ නිවසේ දේපලවලට හානි කර පසුව නිවසේ සිටි 70 හැවිරිදි වේලුපුල්ලේ සෙල්වරාසා පුද්ගලාට ද තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදුකර පලාගොස් ඇත.


තෙවැනි ප්‍රහාරය අද අළුයම එල්ල වී ඇත්තේ ආදිපාදම් වීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සජීව් අනුෂාන් නැමති පුද්ගලයාගේ නිවසට පැන නිවසේ දේපල හානි කර පලා ගොස් ඇත. 


සිව් වැනි ප්‍රහාරය අද අළුයම එල්ල කර ඇත්තේ අංක 46 රජවීදිය කල්වියන්කාඩු ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි බාලේන්ද්‍රන් සරෝජනී දේවි නැමති කාන්තාවගේ නිවසට ඇතුල් වී නිවසේ දේපලවලට හානි කර පසුව එම කාන්තාවට ද තියුණු ආයුධ වලින් පහරදී තුවාල සිදු කර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.


මේ අතර යාපනය චුන්නාකම් පොලිස් බල ප්‍රදේශයේ කුප්පිලාන් උතුර ප්‍රදේශයේ පදිංචි අරුලම්බරන් ජෙයරාසන් නැමත්තාගේ නිවසට ඊයේ (5) සවස ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී නිවසේ තිබූ යතුරුපැදි දෙකකට හා දේපල හානි රැසක් සිදුකර පලා ගොස් ඇත.


මෙම නිවාස 5 ට පහරදීම සඳහා යතුරුපැදි 5 කින් පුද්ගලයින් 10 දෙනෙකු පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින් සියලු ප්‍රහාරයන් ආවා කල්ලියේ එකම කණ්ඩායමක් විසින් පහරදීමට පැමිණ ඇති බවට සැක කරන්නේ යැයි පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසිය හා චුන්නාකම් පොලීසිය කියයි.


 



අදහස් (1)

යාපනයේ ස්ථාන තුනකදී ගෙවල් 5 කට ආවා කල්ලිය පහර දෙයි

Mahesh Thursday, 06 September 2018 07:31 AM

වහාම කියාත්මක වී මේ සදහා පියවර ගත යුතුය. නැවතත් මේ පොලවේ ප්‍රභාකරන්ලා බිහි නොවීමට වග බල ගත යුතුය. නියපොත්තෙන් කපන්න තියන දෙය පොරවෙන් කපන්න ඉඩ තියන්න එපා. කරන්න බැරිනම් කරන්න පුළුවන් කෙනකුට බාර දෙන්න.

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31784 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14240 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11152 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 215 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1155 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 321 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site