IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඌව පළාත් අතුරු වෛද්‍ය සේවය අඛණ්ඩ වර්ජනයක

(විජේරත්න රත්නායක )


 පොදු ඉල්ලීම් 06 ක් මුල්කරගෙන ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ හෙද පරිපූරක අතුරුවෛද්‍ය යන සේවාවන්ට අයත් සියළු වෘත්තීයවේදීන් අද (04) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක්  ඇරැඹිමට   පියවර ගෙන තිබේ.


ඉහත සේවාවන්ට අයත් සියළු කාර්ය මණ්ඩලයන්හි හිඟ අතිකාල දිමනා නොගෙවීම, පසුගිය අප්‍රේල් මස සිට ගමන් වියදම් දීමනා නොගෙවීම, අතිකාල දීමනා කප්පාදුව, ගමන් වියදම් දීමනා කප්පාදුව, වැටුප් වර්ධක ගෙවීමේදී ඊට අදාළ හිඟ මුදල් නොගෙවීම, අදාළ කාර්ය මණ්ඩලයන් සේවය කරන ඇතැම් ආයතනවල ඔවුන් සඳහා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය නොකිරීම යන කරුණු මුල්කොටගෙන මෙම විරෝධතාවය ආරම්භ කර  ඇත.


මෙම වැඩවර්ජනයට පූර්වගාමීව (ඉකුත් අගෝස්තු 29 සිට) පසුගිය අප්‍රේල් මස පටන් සියළු හිඟ ගමන් වියදම් දීමනා ගෙවන තෙක් අදාළ කාර්ය මණ්ඩල දෙපාර්තමේන්තු රාජකාරීවලට අදාළව සිය රාජකාරී පරිශ්‍රයෙන් හෝ රාජකාරී කොට්ඨාසයෙන් බාහිර කිසිදු වැඩසටහනකට සහභාගී නොවන අතර අද සිට ඉහත සියළු ඉල්ලීම් ලබාදෙන තෙක් අඛණ්ඩ වැඩ වර්ජනයක යෙදීමටත් තීරණය කර  ඇත.


ඌව පළාත් සෞඛ්‍ය සේවයට අනුයුක්ත හෙද හෙදියන්, ඖෂධවේදීන්, භෞත චිකිත්සකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්, දන්ත චිකිත්සකවරුන්, කීටවිද්‍යා සහකාරවරුන්, ඖෂධ සංයෝජකවරුන්, MLT, ECG, EEG නිළධාරීන් ඇතුළු වෘත්තීන් රැසකට සම්බන්ධ සියළු වෘත්තීයවේදීන් මේ සඳහා සහභාගි වෙති.
               



අදහස් (0)

ඌව පළාත් අතුරු වෛද්‍ය සේවය අඛණ්ඩ වර්ජනයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site