IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මුන්දලම වෙඩි තැබීමේ සැකකරුවන් රිමාන්ඩ්

( එච් .චන්දන )
 
මුන්දලම  - මංගලඑළිය ප්‍රදේශයේදී සිදු වු වෙඩි තැබීමකින් දෙදරු පියෙකු මිය යාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස  නියෝග කළේය.


මංගලඑළිය - හේන්යාය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම (2) රාත්‍රීයේ සිදුවී ඇති අතර එයින්  මංගඑළිය - සමිඳුගම පදිංචිව සිටි ගීත් මංගල පෙරේරා නැමති 37 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් තිබේ.


මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ මංගලඑළිය - හේන්යාය පදිංචි  කැළුම් පෙරේරා , චමිල පෙරේරා  යන අයයි.  


අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ වෙඩි තැබීමට යොදා ගත් බව සැකකරන බෝර 12 පතුරම් යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ද පොලීස් බාරයට ගෙන තිබේ.
  



අදහස් (0)

මුන්දලම වෙඩි තැබීමේ සැකකරුවන් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site